Monday, September 17, 2018

අඳුරු සෙවනැලි (සත්‍ය කතාවක් ඇසුරෙන්)- 01 කොටස

පාන්දර හිරු මුදුන් වෙමින් පැවතුනි. උදෑසන හිරු එලියත් සමග ආදර කඳු පංතිය සබරගමු සරසවියේ සුන්ඳරත්වයේ එක් සුවිශේෂි අංගයකි. ජයසූරිය නේවාසිකාගරය තුල දැඩි උද්‍යෝගයකින් යුතු කලබල ගතියකි. මෙලෝ රහක් නැති ලෙක්චර් වලට උදේ නැගිටීම එපා කරපු වැඩක් උනත් අද කොල්ලො ටික හෙන ගැම්මෙන්ම ලෑස්ති වෙයි. ඒ අන් කවරක් නිසාවත් නොව තම කණිෂ්ඨ කන්ඩායම සබරගමුවට ලියාපදිංචි වීමට පැමිණෙන නිසාය. ඔවුන් දින ගණනාවක් තිස්සේ බලා සිටියේ මේ වන තෙක්ය. කෙතරම් සුන්දර පරිසර පද්ධතියකට උරුමකම් කීවද එතෙක් ගතකල කාලය ඒ වන විට ප්‍රථම වසර ගෙවමින් තිබු කන්ඩායමට නම් එතරම් සුන්ඳර එකක් නොවීය. ඔවුන් දේශන වලට යයි නැවත පැමිනෙයි. පාසැල් කාලයේ මැවූ සුන්දර සරසවිය එහි තිබුනේ නැත. කලා උලෙළවල් නැත සාමූහික උත්සව නැත ක්‍රීඩා ක්‍රියාකාරකම් නැත. කොටින්ම සරසවි භූමියේ පස් දෙනෙකුට වැඩියෙන් එකට එකතුවිය නොහැකි වන සේ තහනම් කර තිබුනි. තම කන්ඩායමේ සගයන් නොවන්නට සරසවිය අපායක්ම වී තිබුණි. ජේෂ්ඨයන් පිලිබඳ ගෞරවයක් තිබුනද ආතල් ගන්නට බලා සිටින කොල්ලන්ට කෙල්ලන්ට ඔවුන්ගේ ආරක්ෂාව පමණක් ප්‍රමාණවත් නොවුනි. නමුත් එම දිනය සියල්ල කනපිට හරවන දිනයක් විය.


දහසකුත් බලාපොරොත්තු සහිතව කොල්ලො කෙල්ලො ටික කණිෂ්ඨයන් පිලිගැනීමට සූදානමින් සිටී.තනිකඩ කොල්ලන් කිහිප දෙනෙකුටම අලුත් නැවෙන් කොක්කක් ගොඩදාගැනීමේ ආසාවත් නොතිබුනාමත් නෙමෙයි. නමුත් උන් හැම එකාම ඊට වඩා තම කණිෂ්ඨ කණ්ඩායම පරිස්සම් කිරීම සහ ඔවුන් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කිරීම තම වගකීමක් කොට සැලකීය. එය ඔවුන්ට ලැබුනේ ඔවුන්ගේ ජේෂ්ඨයන්ගෙනි.කොල්ලො ටික ලහි ලහියේම කෙල්ලනුත් එක්කගෙන ප්‍රදාන පිවිසුම සහ පඹහින්න හංඳිය දෙසට යන්නට විය. ප්‍රථම වසරට ඇතුලත් වීමට පැමිණෙන සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ කටයුතු පහසු කරගැනීමට උදවු කිරීම සහ පමිණෙන ප්‍රමාණය ඇතුලු විස්තර ලබාගැනීම ඔවුන්ගේ අරමුණ විය.

මදුර: මචන් රුසිරු උඹ කවුරු එක්කද පඹහින්නට යන්නෙ? මාත් කවුරු හරි හොයා ගන්න ඕනෙ බන්...
රුසිරු: කෙල්ලො ටික කඩේට රිංගල බන්.. උන් ටික ඇදගෙන ඉක්මනට යමන්. ටැමිල් සෙට් එකක් දැනටම ඇවිත් බන්. උන්ට කඩේකින් මුකුත් ඉල්ලන්නවත් තේරෙන්නෙ නෑනෙ බන්. බලන්න වෙයි.
මදුර: අහ්හ්.. මචන් අර ඉන්නෙ නදීෂ්. ඌටත් ඉතිං කෑම කිව්වම ඔක්කොම අමතකයිනෙ. කෙල්ලොන්ට කන්න දෙන්නෙත් නෑ මන් හිතන්නෙ.

මොහොතකින් කෙල්ලො කොල්ලො ටික එකට එකතු වී පඹහින්න දෙසට ඇදෙන්නට විය. පඹහින්නෙ වැඩි වෙලා බලාසිටින්නට සිදු නොවූයේ කොළඹ සිට පැමිණි පලමු බස් රථයේම පලමු වසරට ඇතුලු වීමට යැයි අනුමාන කල හැකි සිසුන් කිහිපදෙනෙකුම සිය දෙමාපියන් සමග පැමිණි නිසාවෙනි. ඔවුන් සරසවිය දෙසට ඇදෙන්නට විය.

රුසිරු: අහ්හ් ඇන්ටි මල්ලි කැම්පස් රෙජිස්ටර් වෙන්න ඇති නේද?
මව      : ඔව් පුතා. පුතා කැම්පස් එකේද?
රුසිරු : ඔව් ඇන්ටි. ඇන්ටිල කොහේ ඉඳන්ද එන්නෙ?
මව       : අපි ගාල්ලෙ ඉඳන් පුතා.
රුසිරු  : සෑහෙන්න දුර ඉඳන්නෙ. මල්ලි මොන ඩිග්‍රි එකටද රෙජිස්ටර් වෙන්නෙ?
මව       : භෞතික විද්‍යාවට පුතේ..(ඇය වි.විද්‍යාලයෙන් ලැබුනු ලිපියද පෙන්වයි)
රුසිරු : ඔතනින් ඉස්සරහට ගියහම රෙජිස්ටර් වෙන තැන තියෙනව ඇන්ටි. අපි              කොහොමත් මේ හරියෙ ඉන්නව. උවමනාවක් තියෙනව නම් අපේ කෙනෙක්ට කතා කරන්න. බැංකුව තියෙන්නෙ මෙතන උඩ. එතනට සල්ලි ගෙවල රිසිට් එකත් එක්ක ඔය ලියුම එයාලට දෙන්න.

සවස්වන තුරුම ලියාපදිංචි වීම සිදුවිය. කොල්ලො කෙල්ලො ටිකට කෑමට වත් වෙලාවක් නොවීය, කණිෂ්ඨයන් සමග ගැටෙන පලමු අවස්තාවද මෙය නිසා කට්ටිය බඩගිනි නොබලාම වැඩේට උපරිමය යෙදුවේය. තම කණ්ඩායමට වඩා විශාල ප්‍රමාණයක් පලමු දිනයේම පැමිණීම ඔවුන්ගේ සතුටට හේතුවිය. දෙවන දිනයත් එලෙසම නිමා විය. දැන් කොල්ලො කෙල්ලො ටික බලා සිටින්නේ මෙතෙක් ජුන්නන් වී සිටි නිසා තමන් සින්නෙක් වන තෙක්‍‍ය.

දේශන ශාලා හා නේවාසිකාගර අතර ගෙවෙන ඒකාකාරී දිවියට නැවතීම තිත තබන්නට වන්නේ නව කණ්ඩායමේ සරසවි ලියාපදිංචි වීමත් සමගය. නවක නම්‍යීකරණ වැඩපිලිවෙල සකස් කරන්නට සිදුවන්නේ දෙවන වසර කණ්ඩායමටය. නවක වදය පිටුදැක ඒ වෙනුවට සිසුන් එකතු වී පලමු වසර සිසුන්ට දැනුම සහ අත්දකීම් ලබාදෙන "නෑඹුල් සෙවන" වැඩපිලිවෙල පීඨ පහේම දෙවන වසර සිසුන් එකතු වී ජේෂ්ඨයින්ගේද උපදෙස් සහිතව සකසන්නට විය. සියල්ල පිටුපස ඒ වන විටත් නීතියෙන් තහනම් වී තිබුනු සබරගමු මහා ශිෂ්‍ය සංගමය යෝද සෙවනැල්ලක්ව සිටියේය.

නෑඹුල් සෙවන සකස් කිරීමට කෙතරම් වෙර දැරුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පරිපාලනයෙන් ඉඩ ලැබුනේ නැත. සුපුරුදු මර්දනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්ම වන්නට විය. නමුත් ඉතිහාසයේ සේම එදා සබරගමුවේ සිසුන්ද මර්දනය හමුවේ තව තවත් මුවහත් උනා මිස පසු බැසීමක් සිදු නොවීය. වසරකට වැඩි පන්ති තහනම් ලබා සිටින ශිෂ්‍ය නායකයන් පඹහින්න තුල රැඳී සිටිමින් සටන සංවිදානය කිරීම කිසිමොහොහතකදී නැති නොවන ජවයට හේතුවක් විය. නමුත් ඒ වන විට කණිෂ්ඨ කණ්ඩායම තුල කිහිප දෙනෙකුට හැර අන් අයට එම ශිෂ්‍ය නායකයින් මුණගැසී තිබුනේද නැත. නමුත් ඔවුන්ගේ සංවිදාන ශක්තියට ඒ කිසිවක් බාදාවක් නොවුනි.

සියල්ල එසේ තිබියදී තීරණාත්මක දිනය උදාවිය. නවක කණ්ඩායම අද්‍යන කටයුතු සඳහා සරසවියට පැමිණියේය... නමුත් බලාපොරොත්තු වූ පිරිස සරසවියට නොපැමිණෙන බව දත්ත සහ තොරතුරු මගින් කල් තියා දැනගත් නිසා පුරප්පාඩු යලි බඳවා ගන්නා ලෙස පරිපාලනයට බලපෑම් කිරීමට ශිෂ්‍යයන්ට සිදු විය. අවසානයේ තවත් සති කිහිපයකින් බෝට්ටු වට වලින් පසු සැලකිය යුතු සිසුන් පිරිසක් පලමු වසරට ඇතුලත් විය. දෙවන වසර සිසුන්ට අතිශය කාර්‍යබහුල කාලසමයක් ගෙවෙමින් තිබුනි.

රුසිරු: මචන් පණිවිඩයක් ආව පොඩි එකෙක්ට අසනීපයි කියල. පොඩ්ඩක් බලමුද?
නදීෂ් : යමන් එහෙනම්.
කනිෂ්ඨ කණ්ඩායමට ප්‍රශ්නයක් නම් නෑ, බෑ වචන ඔවුන් තුල තිබුනේම නැති තරම්ය.
 "අයියෙ දොස්තර කිව්ව තැඹිලි බොන්න දෙන්න කියල. අපි හෙව්ව. හොයාගන්න බැරි වුනා." පොඩි උන්ට ඒ වෙද්දී තැඹිලි ගෙඩියක අවශ්‍යතාව ඇති බව දැනගත්තද රෑ වී තිබූ නිසාත් වර්ෂා කාලය නිසාත් ගස් බඩගෑමට හෝ නොහැකි බව දන්නා නිසා රුසිරු සහ නදීෂ් තරමක් අසරණ විය.

රුසිරු : යමන් ලලක්කගෙන් අහමු.
නදීෂ් : ඔවු අහල බලමු. බඩු තියෙනව. ඔය ගෑනි දේවිද දන්නෑ.

නමුත් ගමේ මිනිසුන් මෙතෙක් සෑම අවස්තාවකම උදව් කර තිබූ නිසා ඔවුන්ට යම් බලාපොරොත්තුවක්ද තිබුනි.

නදීෂ් : අක්කෙ පොඩි එකෙක්ට සනීප නෑ. දොස්තර තැඹිලි හොයන් එන්න කිව්ව. තැඹිලි ගෙඩියක් ගන්න නැති වෙයිද?
කෙතරම් වයස වුවද සියලු දෙනාම අක්කලා , අයියලාය..
අක්කා : මල්ලි ගහක් නම් පහල තියෙනව. වැස්ස නිසා පරිස්සමින්.
නදීෂ් : කමක් නෑ අක්කෙ ලොකු උදව්වක්..

අවසානයේ අතපය කඩා ගැනීමකින් තොරව තැඹිලි ගෙඩිය කඩා ගත්තද සෑහෙන තරම් සීරීම් තුවාල වලට නිදීෂ් ගොදුරු විය. ඒ මට්ටමින් බේරීමට හැකි වීම ගැන සතුටු වෙමින් දෙදෙනාම තැඹිලි ගෙඩිය පඹහින්න රෝහලට ගොස් බාර දුන්නේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කල විට ලැබෙන සතුටද බුක්ති විඳිමිනි.



















Tuesday, July 24, 2018

අපට මොකද උනේ??

මෙම ලිපිය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් හැඳින් වූ මේ ශ්‍රී ලංකාව අද වන විට ඇද වැටී ඇති සෝචනීය තත්ත්වයට පත්වීමට හේතු වූ කාරනා විමසා බැලීමට දරණ උත්සහයකි.

විජය රජු ඉන්දියාවෙන් ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බව ජනප්‍රවාදයේ එන අප මෙරට තාක්ෂණය පිලිබඳව අසා ඇති පැරණිතම කරුනකි( රාවණා රජුගේ දඬුමොණරය හැරුනු විට). එමෙන්ම වසර දෙදහසකට ඉහතදී වැවේ සොරව්ව ඉදිකරන ලද්දේද අද එම වැවේ සොරොව්වක් ඉදිකිරීමට සුදුසුම ඇයි වත්මන් පර්‍යේෂකයන් පවසන ස්තානයේමය. එයද අපේ පැරණි තාක්ෂණය පිලිබඳ කදිම නිදසුනකි.


එදා ලංකාවම පාලනය වූයේ රජු යටතේය. අද වන විට රජු සංකල්පය ලෝකයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදය අගයන තත්වයකට පත්ව ඇත. නමුත් එදා රජ දවසෙන් අප ගත යුතු ආදර්ශ බොහොමයක් ඇත. "ගමයි පන්සලයි වැවයි දාගැබයි" යන සංකල්පයත් සමග එදා ජන ජීවිතය යම් සුභදායක අයුරකින් පැවතුනා යැයි ඉතිහාසයේ සඳහන් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නොමැති වුවත් එම වකවානුවට සාපේක්ෂව ජනයාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට එකල ආර්ථික තත්වය පොහොසත්ව තිබුනි. ගම සමග පන්සල බැඳී තිබුනේ ගමේ පන්සලේ හාමුදුරුවන් ගැමියන්ගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමට උදවු කල නිසාය. එකල ආර්තිකය යනු ආහාර පාන සහ අනෙකුත් මූලික අවශ්‍යතාය. එම අවශ්‍යතා සපුරා ගැනීමට පන්සල සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කලහ. එදා දුටුගැමුණු රජු යුද්ධය සංවිදානය කරද්දී පවා තිස්ස කුමරුට රට සහලින් ස්වයංපෝෂිත කරන්නට බාරදුන්නේ යුධ සෙබලුන්ට ආහාර සඳහා පමණක් නොව ගෙදර පිරිමියාට යුධ වදින්නට හිත නිදහස් වන්නේ අඹු දරුවන්ට ආහාර ඇති බව විස්වාසය ඇති විටයි. එනම් රටට වැඩක් කරගැනීමට නම් පලමුව ගෙදර ආර්ථිකය හොඳ මට්ටමක පැවතිය යුතුය.

නමුත් අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ගමේ පන්සලේ හාමුදුරුවන් ගමට ඇති වටිනාම වාහනයේ හිමිකාරීත්වය දරමින් රට වටා, ලෝකය වටා සංචාරය කරමින් අවශ්‍ය වූ විටක මුදලට බණ කියනවා විනා එදා මෙන් ගම්වැසියා ගැන සොයා නොබලයි. එනිසා ගමයි පංසලයි සතු බැඳීමද ක්‍රමයෙන් පලුදු වී යයි. ඒ වෙනුවට මුදලට පිං රැස්කරවන මන්දිර වලට ජනයා එකතු වෙයි. එමෙන්ම රටට වැඩැක් කරවීමට තියා නොමැරී ජීවත් වීමට වත් ගම් වැසියාගේ ආර්ථිකය ශක්තිමත් නැත. අපට කොතැන හෝ වැරදී ඇත.

රටට එරෙහි ආක්‍රමණයන්ට ශ්‍රී ලාංකිකයන් ලෙස නොබියව මුහුන දුන් අතීතයක් අපට ඇත. ඉංග්‍රීසීන් පවා උඩරට යටත් කරගත්තේ ගිවිසුමකිනි. නමුත් වෙල්ලස්ස කැරැල්ල වැනි කැරලි වලදී රටට ආදරය කල තරුණයන් දහස් ගණනක් රටට අහිමි වෙද්දී ඉතුරු වූයේ රට පාවා දෙන නිවටුන්ය. සුද්දා රටේ නිලතල බාරදුන්නේද රට ආදරය කරන හෙලයන්ට නොව සුද්දට වහල්කම් කරන නිවටුන්ටය. අවසානයේ සුද්දා නික්ම ගියද සුද්දාට අවනත පාලක රැලක් මෙරට ඉතිරි කරවීය. අනෙක් අතට වෙනත් රටවල වැඩවසම් පාලනය බිඳ වැටුනේ සහ ධනේෂ්වර සමාජය ස්තාපිත වන්නේ එරට වැසියන්ගේ අරගල වලිනි. නමුත් ලංකාවට ධනවාදය ඔබ්බවන්නේ ඉංග්‍රීසීන් විසිනි. එම නිසා ජනතාව සැබෑවටම වැඩවසම් මානසිකත්වයෙන් මිදී නොමැත. තවමත් රජෙක් ඉල්ලන්නෙ එනිසාවෙනි. එමෙන්ම මෙතෙක් වසර 70ක් තිස්සේ රට පාලනය කරේ එදා සුද්දාට රට පාවා දුන්, එලෙස පාවාදී තම වහල් තනතුරු රැකගන්නට දත කෑ වලව් පරපුරයි. එම නිසා මේ වැටී ඇති අගාදය ගැන පුදුම විය යුතු නැත. එදා වහල්කම් කල වලව්කාර පරපුර අදත් එය එලෙසම සිදු කරයි.

රට ගොඩගැනීමට නම් වලව්වලින් පරිභාහිර රටට ආදරය කරන සංවිදානයක් පාලනය අතට ගත යුතුය.

Saturday, June 23, 2018

වෙනසක ඇරඹුම - 13 කොටස


12 වන කොටස මෙතනින්.

මාස තුනක තහනම් කාලයෙන් පස්සෙ සබරගමු මෑණියන්ගෙ තුරුලට අපි ආයෙ යනකොට විභාග කාල සීමාව ආරම්භ වෙලා තිබුනෙ. අපේ උන් පොඩි උන්ට කුප්පි දාන්න සෙට් වෙනව. අපේ බැජ් එකේ හිටියෙ 150ක් වගේ උනාට පොඩි උන්ගෙ බැජ් එකේ හිටිය 280ක්. අපේ උන් ඒ කුප්පි සෙට් එක මාරම උනන්දුවෙන් කරා. ඇත්තටම ඒක වෙනමම අත්දැකීමක්. කාලෙකට පස්සෙ ඇතුලට ආවට එතන ඉදන් කරන්න තිබුනෙ පාඩම් වැඩ. මොකද එක්සෑම් ඇන ගන්න බෑනෙ. ඒත් ඊටත් වඩා වැදගත් දෙයකට සරසවි භූමිය (ඇත්තටම කිව්වොත් භූමියෙන් පිට පඹහින්න) සූදානම් වෙමින් තිබුන.

ඔය කාලෙ වෙද්දි අන්තරේ විදිහට මෙහෙයවපු සමසෞඛ්‍ය සටන ජයග්‍රණය කරල තිබුනෙ. ඌව පලාත්සභා චන්දෙත් සූදානම් වෙමින් තිබුන. සමසෞක්‍ය සටන ජයග්‍රහණය කරපු නිසා සබරගමු මහාශිෂ්‍ය සංගමය දිනාගැනීමේ සටනත් ආරම්භ කරානම් හොඳයි කියන අදහස අන්තරේ පැත්තෙන් ඇවිත් තිබුණට සබරගමු භූමිය ගැන වෙන කාටත් වඩා හොඳ අවබෝධයක් තිබුනු සභාපති පාකන් සහෝදරය ප්‍රමුඛ මහාශිෂ්‍ය සංගමය නිවැරදිම මොහොත එනතුරු භූමිය සටනට සූදානම් කරමින් තිබුන. එක්සෑම් අස්සෙ උනත් සටනේ ඉදිරි පියවර සම්බන්දව අපිටත් සෑහෙන උනන්දුවක් තිබුන. අවසානයේ ඒ තීරණාත්මක දිනයේ මහාශිෂ්‍ය සංගමය තුල තීරණය කරනු ලැබුව ජයග්‍රණය කරන තුරු අකණ්ඩ සටනකට යන්න. අකණ්ඩ සත්‍යග්‍රහයකට දින නියම කරගනු ලැබුවා. සහෝදර සහෝදරියො සෑහෙන මහන්සි උනා. තීරණාත්මක උදගෝෂණය අවසානයේ පඹහින්න හන්දියේ අපි අට්ටාලෙ ගැහුව. එතන වැඩිපුරම ආතල් අපිට. අපි තමයි ඒ වෙද්දි අට්ටාලෙට ලඟම හොස්ටල් එක. ඒ නිසා හුඟක් දේවල් උනේ අපේ හොස්ටල් එක හරහා. එතනින් පස්සෙ එන්නෙ සෑහෙන වැඩ අදික කාලයක්..
ජීවිතය වෙනස් කරපු දැවැන්ත සටනක් ඒ විදිහට ආරම්භ උනා. මට අනුව මේ සටනේ මුල සිට අගට එකිනෙක පැහැදිලි කරන්න කොතරම් ආසාවක් තිබුනත් එයට මා සුදුසු නොවේ. ඒ සටන් සැලසුම් සහ හරයට නියම අර්තය දිය හැක්කේ සභාපති සහෝදරයාට යැයි තදින් විස්වාස කරන නිසාය. එනිසා ඒ පිලිඳව වැඩිදුර විග්‍රහ කරන්නට නොගොස් විශේෂිත අවස්තා පමණක් කෙටියෙන් ඔබ හා බෙදාගනිමි.

අමතක නොවන සිදුවීමක් පලමු දිනයේම සිදුවිය. සටන පිලිබඳ වාර්තා කිරීමට මාද්‍යවේදීන් කිහිප දෙනෙකුම එතනට ඇවිත් තිබුන. කොහොම උනත් මේක ගොඩින් බේරගන්න ඒ වෙද්දි හිටපු ලේඛකාදිකාරීතුමයි ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශකතුමයි ඇවිත් තිබුන. ශිෂ්‍යයොත් වට වෙලා සභාපති සහෝදරය සහ අ‍ර පරිපාලන නිලධාරීන් දෙන්නා සකච්චාවක්. ඔතනට මාෂෙලුත් ඇවිත් තිබුන. සකච්චාව යන අතර තුරේ මාෂෙලුත් අතර මැදින් මොනව හරි කිව්ව.

සභාපති සහෝදරයා: මේ ඔයා පොඩ්ඩක් පනින්නැතුව පැත්තකට වෙලා ඉන්නවද.. මන් මේ විශ්ව විද්‍යාල ආචාර්‍ය වරයෙක් එක්ක වැදගත් කතාවක්.

මුකුත් නෑ කොල්ලො ටික දුන්න හොඳ සද්දයක්. රෙදි ගැලවෙච්ච මාෂෙල් වාශ්ප උනා. ඒ සාකච්චාව ඇතුලෙ මොනතරම් බටර් ගාපු ලණු දෙන්න හැදුවත් සභාපති සහෝදරය ස්තිරවම කිව්ව සියලු අයිතීන් ලබා ගන්නා තුරු සටන නොනවත්වන බවට. සෑහෙන ශක්තිමත් විදිහට දින 59 අරගලයේ පලමු දවස නිමා උනා.


ඔය කාලෙදි අපේ කණිෂ්ඨ කණ්ඩායම සෝෂල් වෙලා තිබුනෙ නෑ. ඔවුන්ට  අද්‍යාපනය ලබා දීම ඒ මොහොතේ කලයුතුම කාර්‍ය්‍යක් උවත් එතරම් දැනුමක් ඒ මොහොත වන විට අප සතුව තිබුනෙත් නෑ. ඒ නිසා ජේෂ්ඨයො සංවිධානය කරපු අද්‍යාපන වැඩසටහන් වල ඉදිරිපසින් කණිෂ්ඨයො වාඩි වෙද්දි අපිත් පිටුපසින් වාඩි වෙලා ඔවුන් එක්කම එකට ඒ දේවල් ටිකෙන් ටික ඒත් හුඟක් ආසාවෙන් අහන් හිටිය. ඔය කාලෙදි තමයි සහෝදරියන් වෙනුවෙන් හදපු මහල් හතරක නේවාසිකාගාරය අඩුපාඩු රැසැක් සහිතවම විවුර්ත කරන්න පරිපාලනය තීරණය කරල තිබුනෙ. නමුත් සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුව විදිහට අපි ඒකට විරුද්ධ උනා. නමුත් පරිපාලනය දැඩිව එම තීරණයේම හිටිය. ඒකට දාන්න හිටියෙ පලමු වසර සහ අවසන් වසර සහෝදරියන්. කොහොමත් ශිෂ්‍ය නායකයො සෑහෙන ගානක් පන්ති තහනම් කරල එලියට දාපු නිසා එයාල හිතන් ඉන්න ඇති සබරගමුවෙ ශිෂ්‍ය බලය බිංදුවටම වැටිල කියල. ඒ වගේම පලමු වසර සහෝදරියො පරිපාලන තර්ජන සහ දෙමවුපියන් හරහා නම්මගන්න පුලුවන් කියල එයාල හිතන් හිටිය. ඒ වගේම අවසන් වසර සහෝදරියන්ට කාටවත් බලපෑම් කල නොහැකි බව සහ ඔවුන් අවසන් කාල සැප පහසු නේවාසිකාගරයක් අථරින්නේ නැති බව පරිපාලනය විස්වාස කරා.

ඒ වෙද්දි නේවාසිකාගාරය වර්ජනය කරමු කියන යෝජනාව ඇවිත් තිබුනත් එය ඉතා බරපතල සහ දැඩි සංවිදාන ශක්තියක් අවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව දැනන් හිටිය.නමුත් අඩුපාඩු සහිත නේවාසිකාගාරයක් බාර ගැනීමට සියලු දෙනා එකලෙස විරුද්ධ වීම නිසා නේවාසිකාගරය වර්ජනය කරමු යන්න තීරණය උනා. ඒ වෙද්දි පලමු වසර කණ්ඩායමට නිවාඩු දීල තිබුන නිසා පලමු වසර සහෝදරියන් හිටියෙ නිවෙස් වල.නේවාසිකාගාරය විවුර්ත කරන දිනයේ නිවෙස් වල ඉන්න පලමු වසර කණ්ඩායමට දෙමාපියන් සමග විශ්ව විද්‍යාලයට එන්න කියල ලියුම් යවල තිබුන.

මෙතනින් පස්සෙ සටන අතිශය තීව්‍ර උනා. සහෝදරයන්ගෙ සිංහරාජ නේවාසිකාගාරය සහෝදරියන්ට දෙන්න සහෝදරයො තීරණය කරා. පලමු වසර කණ්ඩායම සහ සටනේ වැඩි බර දෙවන වසර එහෙමත් නැත්තන් ක්‍රියාකාරී කමිටුව සහිත කණ්ඩායම උන අපිඅට බාර උනා. එතනින් පස්සෙ ගෙවුනෙ අතිශය කාර්‍ය බහුල දින කිහිපයක්.
සටනේ ඉදිරිය , නේවාසිකාගරය වර්ජනය, එස්.බී ගේ පැමිණීම සහ විශේෂිත දුරකථන ඇමතුම ඊලඟ කොටසට....මතු සම්බන්ඳයි...

















Saturday, May 26, 2018

වෙනසක ඇරඹුම -12 කොටස

11 වන කොටස මෙතනින්.

කොහොම හරි මුලින් හිතන් හිටියෙ වැරදි කරලත් නෑ කියපු නිසා සස්පෙන්ඩ් එක ගැලවේවි කියල. ඒත් ටික දවසකින් ආයෙ ලියුමක් එනව විනය පරීක්ෂණ කැඳවන තුරු පන්ති තහනම දික් කරනව කියල. ඔය කාලෙ ඉතිං ඔලුවෙ වෙන ප්‍රශ්න තිබුනෙම නෑ. අර ඇග්‍රි එකේ ගෑණු ළමය ගැනත් සෑහෙන සහෝදර ප්‍රේමයක් ඇතිවෙලා තිබුනෙ එදා කෝල් එකෙන් පස්සෙ. අපි ඉතිං සස්පෙන්ඩ් බෝඩිමේ ජීවිතයට ටික ටික පුරුදු වෙමින් හිටියෙ. සභාපති සහෝදරය සහ පරණ සස්පෙන්ඩ් සෙට් එක ඉන්න බෝඩිමත් තිබුනෙ ඒ ළඟමයි. දවසක් අපි යන කොට පාකන් අයියයි, හින්කට් අයියයි තිකා අයියයි... තිකා අයිය සෝයාමීට් හදනව. කොහොම හරි එදා සෝයාමීටුයි බතුයි. අපිට තියෙන ආතල් එයාලට නෑ. එතකොට තමයි තේරුනේ මේ මුල් කාලෙ හින්ද අපිට පුද සත්කාර තිබුනට කල් යද්දි ඒව නැති වෙනව කියල. පාකන් අයියල ඒ වෙද්දි සස්පෙන්ඩ් පීරියඩ් එක අවුරුද්දකට වැඩියි. කොහොම හරි වචනයේ පරිසමාප්ත අර්ත‍යෙන්ම කැප කිරීම් මන් එතනදි දැක්ක. පාකන් අයිය(සභාපති) එක විදිහක්, වෙඩි අයිය ඊට සම්පූර්ණ වෙනස්. කේටර් අයිය වෙනම ලියින් එකක්.. හින්කට් අයිය තිකා අයිය වෙනමම විදිහක්. කොහොම උනත් ඒ එකතුවට සමාන කරන්න සංවිදානයක් මන් මෙතෙක් දැකල නෑ.

දවසක් අපි හතර දෙනා නූඩ්ල්ස් හදන්න සෙට් වුනා. කඩේට ගිහින් නූඩ්ල්ස් , මස් එහෙමත් අරන් ඇවිත් දැන් බරටම වැඩ. බඩු ගේනකොටම පැරා අයිය(කලින් සභාපති) දැක්ක. අපි හිතන් හිටියෙ පාකන් අයියලට හොරෙන්ම හදල පස්සෙ බෝඩිමටම ගිහින් දෙන්න. ඒත් දැන් කට්ටිය දන්නව. නූඩ්ල්ස් ටික තැම්බුනාට පස්සෙ ලොකු හට්ටිය ලිපෙන් බාන්න හැදුව. හට්ටිය අනිත් පැත්තම ගැහුව. අපේ එකා යන්තන් පැනල බේරුනා. කොහොම හරි නූඩ්ල්ස් ටික බිම. අපිට වැඩේ අතෑරල දාන්නත් බෑ. කට්ටියම දන්නවනෙ මේක, ආයෙ ගියා කඩේට. නුඩ්ල්ස් ගෙනත් ආයෙ හැදුව. නූඩ්ල්ස් හදල ඉවර වෙනකොට සෑහෙන්න වෙලාවක් ගිහින්. කොහොම හරි නෝන්ඩි කර කර කට්ටිය රසට කෑව. අපේ සස්පෙන්ඩ් සෙට් එකේ සුපිරි කුකෙක් හිටියනෙ. ඌ කෑම හදනව කියන්නෙ හෝටලේකින් වගේ තමයි.

දේශපාලන දැනුමත් ටික ටික ගන්න ගමන් ලොකු හැල හොල්මනක් නැතුවම සස්පෙන්ඩ් ජීවිතේ ඉස්සරහට ගියා. ඔය අතරෙ අපේ සහෝදරියන්ගෙ හොස්ටල් එකක වහලයක් ගලවන් යන්න තරම් හුලඟකුත් ආව. වාසනාවට කාටවත් කරදරයක් නෑ. ඔතනටත් මාශෙලය ඇවිත් හොම්බ දාල තිබුන. කොහොම උනත් ඒ තිබුන තත්වෙ එක්ක අපේ උන් ඌව ගනන් ගෙන තිබුනෙ නෑ.

 ටික දවසකින් විනය පරීක්ෂන කැඳවනව කියල ලියුමකුත් ආව. ඒක ඊලඟ ආතල් එක. හින්කට් අයිය විනය පරීක්ෂනයට මුහුන දීල එලියට ආව. "මල්ලි හිර වෙන්න ප්‍රශ්න අහනව. පරිස්සමින් උත්තර දීපන්". ඒක ටිකක් හිතන්න ඕන දෙයක් උනත් මට ඒ වෙද්දිත් පරිපාලනය තිත්ත වෙලා තිබුනෙ. කොහොම හරි මන් විනය පරීක්ෂණ කමිටුව ඉස්සරහට ගියා.

"ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ?"
"කොහොම දෙයක්ද සර්?"
"ඇයි ළමයින්ව රැග් කරේ?"
"මොන රැග් ද සර්? දැන් හැමෝම දන්නවනෙ රැග් කරේ නෑ කියල"
"නෑ නෑ අපි දන්නව ඔයා රැග් කරා කියල"
... ...
... ....

පැයකට වැඩි ප්‍රශ්න. උන් අපෙන් වැරැද්දක් කරාද අහනව නෙමෙයි. ඒ වෙද්දිත් වැරදි කාරයා කරල. ඒකෙන් එලියට එනකොට යූනියන් කරන්න ඕනෙ කියන හැඟීම තදින්ම ඔලුවට බැහැල තිබුනෙ. කොහොම හ‍රි පොඩි පොඩි සිද්දි ඇරුණම ලොකු දේවල් ඒ කාලෙ උනේ නෑ. අපිත් එක්කම වගේ සස්පෙන්ඩ් වෙච්ච මැනේජ්මන්ට් සහෝදරවරු දෙන්න ඒ වෙද්දි ඇතුලට අරන් තිබුන.

කොහොම හරි මාස තුනක පංති තහනම ඉවර වෙලා අපිත් ඇතුලට ගියා. එතකොට විභාගය සඳහා නිවාඩු දීලා. කුප්පි ටික පටන් අරන්...

පලවෙනි කුප්පිය සහ තවත් විස්තර ඉස්සරහට...
මතු සම්බඳයි.



















Sunday, April 29, 2018

වෙනසක ඇරඹුම - 11 කොටස

10 වන කොටස මෙතනින්.

තාවකාලික පන්ති තහනම ඉවරවෙන්න දවස් දෙකකට කලින් තමයි පීඨාධිපතිතුමා එක්ක සාකාච්චාව තිබුනෙ. එදාම තමයි Google I/O කියන තොරතුරු තාක්ෂණ වැඩසටහන තිබුනෙ. කලින් කට්ටියත් එක්ක ඒකට යන්න සැලසුම් කරල තිබුනත් මේ වැඩේ නිසා යන්න උනේ නෑ. කොහොම හරි අපේ එකෙක් මටත් එක්ක ටී ෂ‍ර්ට් එකක් ගෙනැල්ල. හොඳම වැඩේ කියන්නෙ ඌ මට ගෙනාපු එක නිසා වෙන එකෙක්ට ඇඳල බලන්නවත් දීල නෑ.

ඔන්න දැන් අපේ බැජ් එකේ හතර දෙනයි සීනියර් බැජ් එකේ අයියයි පීඨාධිපති කාර්‍යාලයට ගියා. අපි මීට කලින් මේ වගේ අද්දැකීම් වලට මුහුණ දීල තිබුනෙ නැති නිසා පොඩි චකිතයක් තිබුනට සීනියර් බැජ් එකේ අයියට එහෙම අවුලක් නෑ. ඒ නිසා සාකච්චාව ආරම්භ උනේ එයා එක්ක. එයා තමයි මුල් ටිකේ වැඩිපුරම කතා කරේ. ඒත් ඒ කතාව ඇතුලෙ පැහැදිලිව පෙනෙන්න තිබුණු දෙයක් තමයි ආචාර්‍ය්වරයෙක් වෙච්ච (දැන් මහාචාර්‍ය්) පීඨාධිපතිතුමා සීනියර් බැජ් එකේ අයිය පරිණත නෑ කියල පෙන්නන්න සෑහෙන්න උත්සහා කරා. ඒ හැම වෙලාවකම ශිෂ්‍ය නායකයෙකු ලෙස ඔහු පරිණත බව ඔප්පු කරා. කතාව දිගට ඇදෙද්දි අපේ හිතේ තිබුණු චකිතය ක්‍රමයෙන් නැති වෙමින් තිබුණ. එතන හිටියෙ පීඨාධිපතිතුමා , මාශෙල් සහ සිද්දිය වන අවස්තාවේ හිටපු අචාර්‍යවරියක්. ඒ ආචාර්‍යවරියත් එක්ක තමයි මම ඒ සිද්දිය වෙන වෙලාවෙ කතා කර කර හිටියෙ. ඒ නිසා මම කතා කරන්න ගත්ත. ඒ වෙද්දි නවක වද චෝදනාව සම්පූර්ණයෙන්ම යට ගිහින් තිබුනෙ. එයාලත් පිලිඅරගෙන තිබුනෙ නවක වදයක් උනේ නෑ කියල. චෝදනාව තමයි ආචාර්‍ය්වරුන්ට බැන වැදීම.

මම:     සර්, ඔය සිද්දිය වෙන වෙලාවෙ මම හිටියෙ මේ මැඩම් එක්ක කතා කර කර.. මම                 හරි නේද මැඩම්?
මැඩම්:  ඔව්. මම ඒ වෙලෙත් ඔයගොල්ලොන්ට කිව්වනෙ මෙතනින් යන්න කියල.
මම:    හරි මැඩම්, මැඩම් එක්ක මන් කතා කරද්දි මන් ආවේගශීලී විදිහට හැසිරිලා                          බැන්නද?
මැඩම්: නෑ. ඔයා හොඳට කතා කරා.
මම:   මෙතන නවක වදයක් වෙලත් නැත්තන් මම ආචාර්‍යවරුන්ට බැනලත් නැත්තන් ඇයි             මෙයා මගෙන් අයි.ඩී එක ඉල්ලල මාව සස්පෙන්ඩ් කරේ. මන් හිටියෙ සෙනග                         පිටිපස්සෙ. ඒත් මාව හොයාගෙන ඇවිත් අයි.ඩී එක ඉල්ලුවෙ.
ඩීන් සර්: මෙහෙමයි. මතන තනි තනිව එක එක විදිහට සිද්දියට මූණ දීල තිබුනට                                 පොදුවෙ සිද්දිය සලකල තමයි දඬුවම් දීල තියෙන්නෙ.
මම:   පොදුවෙ සිද්දි සලකල මාව සස්පෙන්ඩ් කරන එක හරිද සර්?

ඒ වෙද්දි මට ෆුල් සැටිස්.... ඒ මෙතෙක් වේලා හිතන් හිටියටත් වඩා අපි නිවැරදියි කියල වැටහෙමින් තිබුන වගේම ශිෂ්‍ය සංගමය සහ ජේෂ්ඨයො ගැන සෑහෙන ලොකු ගෞරවයකුත් හිතේ ඇතිවෙමින් තිබුන. මීට කලින් අපි අයියල කොච්චර පරිපාලනයේ වැරදි කිව්වත් 100%ක් පරිපාලනය වැරදි නැතුව ඇති කියල හිතුවෙ. ඒත් මේ සිද්දියත් එක්ක සෑහෙන දුරට ඔවුන්ව පිලිගත හැකි බව තේරුම් ගියා.

සාකච්චාව ඉවර වෙද්දි සති දෙකක් පන්ති තහනම් දෙන්න එකම හෙතුව ආචාර්‍ය්වරුන්ගේ සිත රිදවීම(බැණ වැදීමත් නෙමෙයි). එතෙක් අරමුණක් නැතිව පාවුනු ජීවිතයට අරමුණක් එකතු වුනා. ඒ තමයි මින් ඉදිරියට එක එකාට ඕන විදිහට මූණ බලල සස්පෙන්ඩ් දෙන එක සබරගමුවෙ නතර කිරීම. ඒ වෙනුවෙන් ශිෂ්‍ය සංගමයත් එක්ක එකට වැඩ කරන්න හිතා ගත්ත. ඒත් ඒක කරන්නෙ කොහොමද කියලවත් හරි අදහසක් තිබුනෙ නෑ.

ඊලඟට ඉතිං මොකද උනේ කියල එක එකාට පැහැදිලි කරල විසුමක් නෑ. කොහොම නමුත් පන්ති තහනම සති දෙකෙන් නතර උනේ නෑ. නැවත දැනුම් දෙන තුරු පන්ති තහනම දික් කරල තිබුන.එතනින් පස්සෙ තමයි සස්පෙන්ඩ් ජීවිතේ අපි වෙනස් විදිහකට විඳින්න ගත්තෙ. ආතල් එක වගේම අද්‍යාපනය , දේශපාලනය වගේ දේවලුත් ජීවිත‍යට එකතුකර ගත්තෙ මේ කාලෙ. පන්ති තහනමක් කියන්නෙ පීඩනයකින් විඳවන්න ඕන දෙයක් කියල අපේ උන් අපිට අමතක කරවල තිබුනෙ. කොහොම උනත් වි.විද්‍යාලෙ අභ්‍යන්තර ක්‍රියාකාරකම් හැකි උපරිම අයුරින් කරන්න ශිෂ්‍ය සංගමය උත්සහකරමින් තිබුනා. ඉදිරි පෙල ශිෂ්‍ය නායකයො සියලු දෙනා පන්ති තහනම් වෙලා තිබුනත් ශිෂ්‍ය වීර දින සැමරුම සාර්තකව කරන්නත් පුලුවන් වෙලා තිබුන. අපිට ඇතුලට යන්න බැරි උනාට ෆොටෝ ගහපු එකා මුලින්ම ෆොටෝ ටික පෙන්නුවෙ අපිට.



ඔය දේවල් ඔය විදිහට වෙද්දි පන්ති තහනම ගැන පැරා බැජ් වල හැමෝම දැනගෙන තිබුන. අර කලින් කියපු ඇග්‍රි එකේ ගෑණු ළමය (සුපෙන් හැඟුමන් එපා.. කිව්වෙ) කෝල් එකක් දුන්න. කලින් සාමාන්‍ය සුහද ප්‍රතික්ශේප කිරීමක් උනාට ඒ වෙලාවෙ හෙන දිග කතාවක් කිව්ව. සස්පෙන්ඩ් එක ගැන මට වඩා ඒකි බය වෙලා. බණ කියනව හෝ ගාලා.
පව් ඉතිං මාත් කිසි අව්ලක් නැති ගානට කතා කරා. ආදරය කියන එක විහිලුවක් වගේ හිතුනට මිනිස්සු විදිහට අපිට පවුලෙ බර දරන්න වෙනව කියන එකත් සුරංගනා ආදර කතා වලට වඩා ආදරය අර්ථවත් වෙන්නෙ ඒ විදිහට කියල කෝල් එක ඉවර වෙද්දි බොක්කටම බැහැල තිබුනෙ.

සස්පෙන්ඩ් ජීවිතේ ආතල් වගේම තවත් විහිලුවක් වෙච්ච විනය පරීක්ෂණය ඉස්සරහට..... මතු සම්බන්දයි.











Saturday, April 14, 2018

වෙනසක ඇරඹුම - 10 කොටස

09 කොටස මෙතනින්.

පන්ති තහනම් වල ලියුම අතට හම්බෙන්න කලින් අපේ උන් සෙට් එකක්, කලින් සූදානම් කරපු ආරණ්‍යවාසී හාමුදුරුවන්ට දානයක් දෙන්න කුරුවිටට ගිහින් තිබුන. ලියුම අතට ගත්තු දවසට පහුවදා තමයි වැඩේ සෙට් කරල තිබුනෙ. මාත් ඒකට යන්න හිටියෙ. ඒත් අම්ම හිටපු අසනීප තත්ත්වෙ නිසා අම්ම මේක දැන ගන්න එක අවදානම් කියල මගේ හිත කිව්ව. ඒ නිසා එදා රෑම ලියුම ගෙදරට යෑම වැලැක්වීමේ ක්‍රියාන්විතය සඳහා පිටත් වුනා. ගෙදර ගියේ කොළඹට ගිහින්. සභාපති සහෝදරයගෙ ගෙදර ගිහින් උන්ගෙ අම්මගෙන් ටිකක් විතර බැනුමුත් අහල තව නුගේගොඩ කොල්ලෙක්ගෙ ගෙදරත් ගිහින් තමයි මන් ගෙදර ආවෙ. පලවෙනි ලියුම නම් ඉස්සුව. කෝකටත් නැන්දලට මන් විස්තරේ කියල තිබුන. මොකද කෝල් කරොත් බය වෙන නිසා. අම්ම හිටියෙ ක්වාර්ටස් වල නිසා එහෙට කෝල් කරන්න විදිහක් නෑ. පස්සෙ හෙමීට තාත්තටත් සීන් එක කිව්ව. මීට කලින් කිසිම වැරද්දක් නොතිබුන අහිංසක ළමයෙක් නිසා තාත්ත මගේ කතාව පිලිගත්ත.

Friday, April 6, 2018

වෙනසක ඇරඹුම - 09 කොටස

08 කොටස මෙතනින්.

කොහොම හරි ජීවිතේට අලුත්ම විදිහෙ අත්දැකීම් ටිකක් ලබා දෙමින් වැඩ අදික සුන්දර කාල සමයක් ගෙවෙමින් තිබුන. එක පැත්තකින් අපේ කණ්ඩායමේ වගකීම්, තව පැත්තකින් සොහොන වගේ තිබුන සබරගමුව නිදහස් කරගැනීමේ සටන , ඒ වගේම සබරගමුවට තවත් රන් පුරුකක් එක් කිරීමේ වගකීම. ඊට අමතරව අපේ පුද්ගලික අද්‍යයන කටයුතු වගේම පුංචි පුංචි ආතලුත් නැතුවම නෙමෙයි. ඒ වෙද්දිත් වසර 4ක් තිස්සෙ සරසවි කලා උලෙළ තහනම් කරල තිබුනෙ. ඒ වගේම ශිෂ්‍ය නායකයො 70කට වැඩි පිරිසකගේ අධ්‍යාපන අයිතිය තහනම් කරල තිබුනෙ. ඔය දේවල් නිසා මහ ලොකු දේශපාලන කියවීම් නැති උනත් කොහොම හරි ශිෂ්‍ය සංගමේ දිනාගෙන එලියෙ ඉන්න අයියල ටික ඇතුලට ගන්න ඕනෙ කියල අදහසක් තිබුන.

ඒ ජීවිතේ තීරණාත්මක කාල සමයක්. අද්‍යයන කටයුතු කරන ගමන් සියලු දෙනාම සටනේ ඉදිරි පියවර ගැන හිත හිත හිටපු කාලයක්. ශිෂ්‍ය සංගමේ සභාපති සහෝදරයා කියන දේවල් ඒ වෙද්දි මැජික් වගේ. හිතා ගන්නත් අමාරුයි. අපිට ඔහුව පෙනුනෙ යෝදයෙක් වගේ. ඒ දවස් වල ඉතිං අපි සෑහෙන්න බැනුම් අහනව ක්‍රියාකාරී කමිටුවෙ වැරදි වලට. වි.විද්‍යාලයෙ අනාගතය රැඳී තියෙන්නෙ ජූනියර් කණ්ඩායමේ අනුගත වීම මත කියන අවබෝදය ජේෂ්ඨයන්ට තිබුන. ඒ නිසා පොඩි උන්ගෙ නවක නම්‍යීකරණ වැඩ පිලිවෙලේ පුංචි වැරැද්දක් දැක්කත් සෑහෙන්න බැනුම් ඇහුව. ඒ කාලෙ තිබ්බ භීෂණේ නිසා පොඩි උන් එක්ක කතා කරන්න කලින් ආරක්ෂක උපක්‍රම සෑහෙන්න යොදවනව. දවසක් පොඩි උන් එක්ක කතා කර කර ඉන්න මැසේජ් එකක් එනව වෑන් එකක් එනව කියල. ඔලුව උස්සන්න උනේ නෑ වෑන් එක මැට්ට ලඟ. සෙට් බැස්සෙ නිකන් එස්.ටී.එෆ් බහින්න වගේ. අපේ කට්ටිය අඩු නිසා යොදවල තිබුණු ආරක්ෂාව මදී.

මාෂෙල් ඇවිත් ෆොටෝ ටිකක් ගහ ගත්ත. හෙන සද්දයකුත් දැම්ම. මුලින්ම ටිකක් අපිත් හොල්මන් වෙලා හිටියට ටිකකින් සිද්දිය ෆිල්ම් එකක් වගේ වෙන්න ගත්ත. පොඩි උන් දෙන්නෙක්ව නැගිට්ටල උන්ගෙන් ඇහුව රැග් ක‍රාද කියල. උනුත් සද්දයක් නෑ. එතන ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක ඇතුලු සියලු මර්දකයන් හිටිය. ඔය අතරෙ අපි සාදාරණයි කියල හිතෙන ආචාර්යවරුන් කිහිපදෙනෙකුත් හිටිය. තත්ත්වය ටිකක් වෙනස් වෙන්නෙ අපේ එකෙක්ව ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක බලෙන් ඇදගෙන යන්න උත්සහ කිරීමත් සමගයි. කණ්ඩායමට නායකත්වය දුන් සහෝදරය ඒ මොහොතේ කෙලින්ම විරුද්ධ වෙනව. එතන ඉඳන් තමයි වාග් සංග්‍රාමය පටන් ගන්නෙ.
"සර් කොහෙද එයාව ඇදන් ඉන්නෙ. උඹ මෙහෙ හිටපන්" අපේ එකාව ඇදල අපේ පැත්තට ගත්ත. "ඔය ළමයි දැන් ඉක්මනට යන්න." ටිකක් සද්දෙට සර්ල කිව්වෙ පොඩි උන්ට. "එයාලට ඕනෙ නම් යාවි ඕනෙනම් ඉඳීවි. ඒක එයාලගෙ තීරණයක්. කවුරුත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ." ඒ අපේ එවුන්. තත්තවෙ ටික ටික දරුණු වෙනව. ජේෂ්ඨ ශිෂ්‍ය උපදේශක අපේ සභාපති ලඟට ඇවිත් එයාගෙ එයාගෙ සේවා කාලය ගැනයි රටේ නැති පොර ටෝක් ටිකකුයි ඇදල ඇරිය. අපේ උන් ඒ වෙලාවෙ නම් සතේකට ගණන් ගත්තෙ නෑ. ටිකකින් මතක හිටින දෙබසක් ඇහුන.
            සර්: තමුසෙ චන්ඩිද?
            අපේ සභාපති: ඔව්. ඇයි?
ඒ වචන ටික ඇහුනට පස්සෙ නම් මට පන්ති තහනම් ප්‍රමාණය හරියට තේරුම් ගන්න බැරි උනත් ලැබෙනව කියල නම් ශුවර්. සිද්දිය වෙනවත් එක්කම අපි ඒ ගැන ජේෂ්ඨයො දැනුවත් කරා. ඒ වෙද්දි ජේෂ්ඨ කණ්ඩායමේ මහාශිෂ්‍ය සංගම් නියෝජිත අයිය මාස 9ක පන්ති තහනම ඉවර වෙලා කැම්පස් එකට ඇවිත් දවස් දෙකයි(මතක විදිහට). ඔහු ඇතුලු ජෙෂ්ඨ කණ්ඩායමේ පිරිසක් ඉක්මනට මැට්ට කැන්ටිමට ආව. ඔය වෙද්දි පරිපාලනය අපෙන් ශිෂ්‍ය හැඳුනුම්පත් ඉල්ලුවත් අපි දුන්නෙ නෑ. ඉස්සරහම හිටපු කීපදෙනෙකුගෙන්ම හැඳුනුම්පත් ඉල්ලුවත් දුන්නෙ නෑ. ඒත් අ‍යියල ආපු ගමන් මහා ශිෂ්‍ය සංගමේ අයිය හැඳුනුම්පතත් එලියට අරගෙන " මේ මගේ අයි.ඩී එක. ඔයාල ආවෙ සස්පෙන්ඩ් කරන්න නම් සස්පෙන්ඩ් කරන්න." . "මල්ලි මුන්ට කරන්න පුලුවනුත් එච්චරයි". සංවාදෙ සෑහෙන්න දරුණු උනා. ඔයා අතරෙ පිරිස අතරෙන් රින්ගල ආපු මාශෙල් මගෙනුත් අයි.ඩී එක ඉල්ලුව. මම දුන්නෙ නෑ. ඒ වෙද්දි සියල්ල පැහැදිලි වෙමින් තිබුනෙ. ඒ කියන්නෙ පන්ති තහනමකට හිත හදාගන්න වෙනව කියල. ඔය අතරෙ දිරවන්නෙම නැති ආචාර්‍ය්වරයෙක් හෙන ආවෙගශීලී විදිහට කියව කියව හිටිය. අපේ එකෙක් "ඇයි සර් ඔච්චර ආවේගශීලී? ඔහොම ආවේගශීලී වුනහම කැතයි නේද?" . එච්චරයි මිනිහ නෝන්ඩිම වෙලා ගියා. ඒ අතරෙ සමහර ආචාර්‍යවරු ඇත්තටම අපට කතා කරල "පුතා ඔයාල මෙතන රැඳෙන්නෙ නැතුව යන්න. දැනට ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්න ඇතිකරගන්නත් එපා" කියලත් කිව්ව. කොහොම උනත් ජේෂ්ඨයො මැදිහත් වීමත් එක්ක තත්වය සාමාන්‍යය අතට හැරුන. අපි එතනින් ඉවත් වුනා. එදා රෑ 8ට පටන් ගත්තු ඇක්ශන් මීටින් එක පාන්දර 6 වෙනකන් තිබුන. වැඩිපුර අයියලගෙ බැනුම්. කොහොම හරි ආයෙ පස්සෙන්ද පොඩි උන් එක්ක කතා කරන්න යන කොට පනිවිඩයක් එනව අපේ උ දෙන්නෙක්ට ඩීන් ඔෆිස් එකට එන්න කියල. අපිත් ගියා මොකද බලන්න. ෆැකල්ටි එකට යනකොට සස්පෙන්ඩ ලියුම් තියෙනව "ගුණසේකර" කියල නමකුත් තියෙනව කියල කිව්ව. හරි ඉතිං මන් හිත හදා ගත්ත. ගිහින් බැලුවහම "නවක වදය ලබාදීම හේතුවෙන් සති දෙකක තාවකාලික පන්ති තහනමක්". ලියුමත් අරන් ආව. බැජ් එකට කතා කරල. අපෙ බඩුත් පැක් කරගෙන යන්න සෙට් උනා. ගෙවල් වලට යන ලියුම් ටික උස්සන අරමුනින්.

මතු සම්බන්දයි.












Friday, March 30, 2018

කූඹියෝ සහ එහි දේශපාලනය

මීට පෙර මා කූඹියෝ සඳහා ලියූ ලිපිය මෙතනින්.



කූඹියෝ ‍යනු ලාංකේය ටෙලිනාට්‍ය කලාව උඩු යටිකුරු කල නිර්මාණයක් බව අවිවාදිතය. ඉන්දීය ටෙලි විසින් ලාංකීය පුංචි තිරය ආක්‍රමණය කිරීමත් (ඇත්තටම කිව්වොත් ලාභය වෙනුවෙන් මෙගා ටෙලි වෙත යොමුවීම) සමගම ප්‍රබුද්ධ නිර්මාණ අපේක්ෂා කළ ප්‍රේක්ෂකයන් රූපවාහිනී තිරයෙන් ඉවත්වීම ක්‍රමයෙන් සිදුවිය. රූපවාහීනී තිරය වෙනුවට අන්තර්ජාලය හරහා ටීවී සීරීස් නැරඹීමට හුරු විය. "ගේම් ඔෆ් ද ත්‍රෝන්" ,"බ්‍රේකින් බෑඩ්" ,"ප්‍රිස්න් බ්‍රේක්" වැනි ටීවී සීරීස් වෙත යොමු වූ රසිකයන් හට සුලුවෙන් හෝ එවැනි වින්දනයක් ලැබිය හැකි ටෙලියක් බිහි නොවූ තරම්‍‍ය. කූඹියෝ පුංචි තිරය සහ රසික සිත් ආක්‍රමණය කරන්නේ ඒ අතරය.

කොළඹ ජීවිතයට හුරු වුනු එසේත් නැතිනම් ගෙන්ඳගම් පොළවේ රහ දන්න ජෙහාන් සහ ගමෙන් පැමිණෙන අහින්සක ප්‍රියන්ත සුසංයෝගය කතාව පුරාවට විශ්ෂඨ ලෙස ගලාගෙන යයි. පලමු එපිසෝඩයේදීම ප්‍රේක්ෂකයන් ආකර්ශනය වන්නේ ජෙහාන්ගේ බංගලාදේශ රඟපෑමටය. තුමිඳු , කළණ ඇතුලු සියලු නළු නිළියන් විශිෂ්ඨයන් බව මීට පෙර සිට ඔවුන්ව හඳුනන රඟපෑම යනු කුමක්ද යන්න අවබෝධය ඇති අය දනී. එම නිසා මෙන්ම රංඟනය ගැන කතා කිරීමට තරම් දැනුම ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳව වැඩිදුර අදහස් නොකියන මුත් මට අනුවද ඔවුන් මෙහිදීත් විශිෂ්ඨ බව කියමි. කතාවේ දේශපාලනික ගලා යෑම ලක්මාල් සැලසුම් කර ඇති ආකාරය දෙස බලන විට ඉගෙන ගන්නට බොහෝ දෑ ඇති බව පෙනේ. බංගලාදේශකාරයා, එලවලු වෙලඳාම සහ සුපර්මාකට් වෙනම ආතල් එක, ක්‍රිකට් මැච් එක, මෙන්ම ගොළු රඟපෑම තුලින් සමාජමතුපිට පිලිබඳ විශිෂ්ඨ විග්‍රහයක් ආරම්භයේදීම කරන අතර අවසානයේ ඒවා සිදුකරන්නේ ප්‍රියන්තව නිර්මාණය කිරීමට බව අවසානයේ පැහැදිලි කරමින් ටෙලිය තුල ඇති සමතුලිතතාවයද විශිෂ්ඨ ලෙස රැකගනියි.

සරල ආරම්භයෙන් පසු කතාව සංකීර්ණ වන්නේ කම්කරු පක්ෂය කතාවට සම්බන්ඳ වීමත් සමගය. ආ‍යතනය තුළ ප්‍රශ්නයක් අළුතෙන් නිර්මාණය කල යුතු බවත් එසේ කරන්නේ පවතින ආණ්ඩුව මෙම ආයතනයේ සාධාරණත්වය මුවාවෙන් ආණ්ඩුවේ සියළුම වැරදි වසාගන්නා නිසා බවත් නායක සහෝදරයා පැහැදිලි කරයි. ලියුම්කරු දකින ආකාරයට නම් ඒ තුල එම වාමාංශික ව්‍යාපාරයට අන්තගාමී නොවුනු විවුර්ත පහරදීමක් සිදුකරයි. මන්ද අයිතීන් පිලිබඳ ඉල්ලීම කිසිවිටක සාමාන්‍ය සමාජය තුලින් පැන නොනගින බවත් එවැනි අයිතීන් ඇති බව පවා ජනතාවට පෑදිලි කරදෙන්නේ දේශපාලන ව්‍යාපාර බව දේශපාලනය පිලිබඳ අවබෝදය ඇත්තන් දනිති. අවසනාවකට බහුතර ප්‍රේක්ෂකයන් ග්‍රහනය කරගත්තේ සාදාරණ ආයතනයක් තුල ප්‍රශ්නයක් ඇති කිරීම ගැන පමණි. කෙසේ හෝ වාමාංශික දේශපාලනය තුල පාවාදෙන රූකඩ මෙන්ම ඕනෑම තත්ත්වයකදී පාවා නොදෙන නායකයන් පවා සිටින බව මෙතුලින්ද පෙන්වා දෙයි. කෙසේ හෝ ඇති වී තිබෙන සමාජ කතිකාවත අනුව නම් මේ තුලින් වාමාංශික ව්‍යාපාර වලට වැඩි හානියක් සිදුවී ඇති බව පෙනේ.

අනෙක් වැදගත් කාරනය නම් සුදු චරිත හෝ කලු චරිත නැති බවත් ඇත්තේ පැතලි චරිත බවත් මනාව පෙන්නුම් කරීමයි. සමාන්‍ය ටෙලියක හෝ චිත්‍රපටයක් ඇත්තේ  පෙම්වතා සුදු සහ වීරයාගෙ චරිතය නිරූපණය කිරීම වුවද කූඹියෝ තුල ඊට හාත්පසින්ම වෙනස්ය. ආරම්භයේදී ජෙහාන් උත්සහාවන්තයෙක් සහ අහිංසක වංචාකරයෙක් වන අතර ප්‍රියන්ත අහින්සකයෙකි. කතාව පුරාවට ජෙහාන්ගේ සාදාරණ ගති සහ නරුම ගති මෙන්ම ප්‍රියන්තගේත් අහිංසක මෙන්ම වංචාකාරී නරුම ගති ගෙනහැර දක්වයි. කතාවේ තාත්වික බාවය සහ චරිත ඉහල පහල යෑම ඒ තුල සිදුවේ.

නමුත් මේ සියල්ලටම වඩා ලියුම්කරු කූඹියෝ විශිෂ්ඨ යැයි සලකන්නේ එය සියලු දෙනාටම නැරඹිය හැකි නිර්මාණයක් වීම නිසයි. ලකා ගේ වචන වලින්ම නම් එය මහා ප්‍රේක්ශකාගාරය ආමන්ත්‍රණය කර ඇත. ඒ සඳහා මා මෙය සංසන්ඳනය කරන්නේ කරන්නේ රඟපෑම සහ නිර්මාණාත්ම අතින් මෙන්ම දේශපාලන පනිවිඩය අතින්ඳ අති විශිෂ්ඨ නිර්මාණයක් වන "සහෝදරයා" සමගය. දෙබස් , සංගීතය සහ රඟපෑමේ යම් අවස්තාවලදීද "සහෝදරයා" වඩා විශිෂ්ඨ යැයි පෙනුනද එය මහා ප්‍රේක්ශකාගාරය ආමන්ත්‍රණය කර නැති බව පෙනේ. සරලම කිවහොත් මහප්‍රාණ තේරුම් ගැනීමට තරම් ප්‍රේක්ෂකයා දියුණු නැත. එනිසා තේරෙන භාශාවෙන් කතා කල යුතුය.

තුමිඳු ජනප්‍රියම නළුවා විය. සිස්ටම් එක ගැන කතා කලේය. සිස්ටම් එක අවුල් බවත් එය වෙනස් විය යුතු බවත් නැවත කරලියට පැමිණ තිබේ. දැන් තුමුඳු පෞද්ගලික උපකාරක පන්තියක තෑගි ප්‍රදාන උත්සවයකට ගිය බවත් ඒ හරහා සිස්ටම් එක ප්‍රමෝට් වන බවත් ඇතැමුන් කියයි. තුමිඳු තිරය තුල පමණක් සිස්ටම් වෙනස් කරන්නෙකු නොවේ යැයි ජාති වාදයට එරෙහි උද්ගෝෂණයට සහභාගී වීම නිසා විස්වාස කල හැක. ඒ අනුව මට නම් තුමිඳු තෑගි ප්‍රදාන උත්සවයට සහභාගී වීමේ වරදක් නොදකිමි.(මා ටියුෂන් කඩ සන්කල්පයට විරුද්ධ අයෙකි.).  නමුත් එහි සිටි අය සතුටු කිරීමට ටියුශන් වර්ණනා කරමින් "මේ පංතිය සෝයි" යැයි පවසන්නේ නම් තුමිඳුද රැල්ලට සිස්ටම් වෙනස් කරන්නෙකු බවට පත්වී ඇති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. ටියුෂන් ඇතුලු සමාජය ආමාන්ත්‍රණය කල හැකි සියලු තැන් වලට ගොස් සිස්ටම් එකේ අවුල ගැන කියන්නට හැකි නම්(තේරෙන භාශාවෙන්) එය කූඹියෝ සේම විශිෂ්ඨය. 

















Saturday, March 10, 2018

වෙනසක ඇරඹුම - 08 කොටස


07 වන කොටස මෙතනින්.

බකට් ආතල් එකට පස්සෙ සම්ප්‍රදායක් විදිහට අයියලගෙ හොස්ටල් වලට යනව. ඉතිං අපිත් ගියා. සම්ප්‍රදාය කොහොම උනත් අපිට දැන ගන්න බේරගන්න  ගොඩක් දේවල් තිබුන. ජේෂ්ඨත්වය කියන එක යම් පරතරයක් ඇතුව තිබුන කාලෙ ඉවර වෙනවත් එක්කම ජේෂ්ඨ කනිෂ්ඨ කණ්ඩායම් හුගක් ලන් වෙනව. අපිටත් ඕනෙ උනේ ඒ සහෝදරත්වය. අපේ අයියල මූනට රවාගෙන හිටියට ඇත්තටම සහෝදරත්වයෙන් සැලකුව කියල අපි දැනගෙන හිටිය. ඔන්න ඉතිං රෑ වෙලා ගියා හොස්ටල් එකට අයියලත් ඉන්නව. ඒ වෙලාවෙ තමයි දන්නෙ රීබකට් එකෙන් ටික දෙනෙකුට අසාද්‍යයි කියල. ෆෝන් නැති වෙලා. කන් පැලිල. ඒත් ඉතිං කවුරුත් ඒව ගැන වැඩිය කතා කරේ නෑ. හැමදාම වගේ අයියල ඒක විදගන්න ඇති. එතන ඉදන් රස කතා වාරය. "උඹල අපිට දාපු නම් කියපන්." ඔන්න පටන් ගත්ත අපේ උන්.. "රතු තොප්පිය, රැවුල් කොටා, උට්ට ප#යා....." නම් ගොඩයි. ඔය අන්තිමට කියපු වචනෙ කියන අයිය බනින කොට ඔය වචන දෙකම එකට පාවිච්චි කරනව. ඒකයි එයාට ඒ නම දැම්මෙ. :). ඊලඟට අපේ උන් රඟපාල පෙන්නුව අයියලගෙ චරිත. අයියලගෙ චරිත අපේ බැජ් එකේ ඒ විදිහට රඟපාන්න ගිහින් කිච වෙච්ච ඩයල් හිටියට එදා වැඩේ නම් පට්ට ආතල්.

‍‍රෑ 12 පැන්න විතරයි මතක විදිහට මාෂෙල් ආව තව කීපදෙනෙකුත් එක්ක. මීට කලිනුත් අපේ උන් කීප දෙනෙක්ගෙ නම් අරගෙන තිබුන කටවුට් එකක් තියන්න ගිහින්. මේ පාරත් සෙට් එකේම නම් ගත්ත. ඉන්නෙ කැම්පස් එකක උනාට ඒක හිර ගෙයක් වගේ කියන එක අපිට තදින් දැනෙමින් තිබුන. කොහොම උනත් අපි ඊට පස්සෙ දවසෙ රෑත් ගියා අයියලගෙ හොස්ටල් එකට. "අදත් අරූ ආවොත් මොකද බන් කරන්නෙ?" අයිය කෙනෙක් ඇහුව. "එදා සෙට් එකම අදත් ඉන්නව සර්. අමුතුවෙන් නම් ගන්න දෙයක් නෑ සර් ඒ කොලේම ෆොටෝ කොපි ගහන්න කියමු." සභාවේ සිනා.:). ඊට පස්සෙ සෝෂල් එකත් තිබුන.  පස්සෙ ටික ටික අපේ ඔලුවට වගකීම කියන දේ දැනෙන්න පටන් ගත්ත. ඊලඟ බැජ් එක එනව. උන්ව බලාගන්න ඕනෙ. ශිෂ්‍ය සංගමේ ගන්න ඕනෙ.. වගේ දේවල් නිතරම ඔලුවෙ වැඩ කරා. ක්‍රියාකාරී කමිටුවත් හැදුව. ලස්සන දේවල් ටිකකුත් උනා. හරියට නොදැන උනත් අපි ඒ දවස් වලත් දේෂපාලනය හොඳටම කරල තියෙනව කියල හිතෙනව ඒව මතක් වෙනකොට. දන්න අය විතරක් ඒ ටික මතක් කරගත්තම ඇති.



Sabra Challenge වැඩසටහනත් පටන් ගත්තෙ ඒ කාලෙ අලුත් වැඩක් නිසා ෆැකල්ටිය විදිහට හැමෝම උනන්දුවෙන් කරල සාර්තකව නිමා කරා. #VR Gaming Competition එකත් ඔය කාලෙදිම අපි සංවිධානය කරා. අලුත් නමක් දාලා, අලුත් ටී ෂර්ට් ගහල, අලුත් ගේම් ටිකකුත් දාල වැඩේ ලස්සනට කරා. කොහොම හරි ඔය දේවල් එක පැත්තකින් යද්දි පිලිවෙලකට කියන්න ඕන දෙයක් තියෙනව. ඒ තමයි අපේ කණිෂ්ඨ කණ්ඩායමේ පැමිණීම. ඒ කියන්නෙ අපි සින්නො වීම. ඒක වචන වලින් විස්තර කරන්න බැරි හැඟීමක්. සෑහෙන්න ලොකු වගකීමක් ඔලුවට ආවා. ක්‍රියාකාරී කමිටුව අපේ. යූනියන් යන්න ඕනෙ. බැජ් එකේ වැඩ ටික බලන්නත් ඕනෙ. ඔය අතරෙ ඉගෙන ගන්න ඒවත් කරන්න ඕනෙ. ඔය කාලෙත් හොඳටම භීෂනේ. කැම්පස් එක නිකන් සොහොන වගේ. මෙලෝ ආතල් එකක් නෑ. කොහොම හරි රෑ එලි වෙනකන් ඇක්ෂන් මීටින් අරගෙන යූනියන් එකෙනුත් බැනුම් අහ අහ පුලුවම් උපරිමයෙන් ජේෂ්ඨයන්ගෙන් විය යුතු යුතුකම් වගකීම් ටික ඉටු කරන්න අපේ උන් සෑහෙන්න මහන්සි ගත්ත. අපේ බැජ් එකට වඩා අයියලගෙ බැජ් එකේ පිරිස හුඟක් වැඩියි. පොඩි උන්ගෙ බැජ් එක ඊටත් වඩා වැඩි. අපි වගේ දෙගුනයක් වගේ. ඒ දවස් වල ඉතිං මාර සැප. නින්දක් නැති තරම්. එක්කො ඇක්ෂන් මීටින්, නැත්තන් යූනියන් මීටින්, ඒත් නැත්තන් බැජ් මීටින්, නැත්තන් එසයින්මන්ට් එකක් හරි පෝස්ටරක් ගහන්න හරි. මරු ජීවිතේ...



නොකියපු දේවල් ටිකකුත් තියෙන්වනෙ. අර අවුරුදු හතරටම ෆොටෝ ගහන්නෙ නෑ කියපු එකා ඔය වෙද්දි කොක්ක ගොඩදාගෙන තිබුනෙ. ඒත් අර කවි ලියපු ඩයල් එකගෙ ආදර කතාව ටිකක් වෙනස් විදිහට ගලාගෙන ගියා. ඌට කෙල්ල අහින්සක වැඩියිලු බබාලා නලවන්න බෑ කියල ඌ වැඩේ අතෑරල තිබුනට.....:).... පොඩි උන් කැම්පස් එන්න කලින් විස්තර හොයල බලනවනෙ. ඉතිං අපේ එකෙක් #CIS එකට දාපු නංගි කෙනෙක්ට මගේ නම්බර් එක දීල. ඉතිං මට කතා කලා. අහනව ඌව කැම්පස් එකද හොඳ සබරගමුවද කියල. යකෝ සබරෙ ඉන්න මන් කියනවද වෙන එකක් හොඳයි කියල. මන් ඉතිං හොඳ තෙලක් ගැහුව. අන්තිමට ඉතිං ඒ තෙල ජීවිතේම වෙනස් කරයි කියල කවුද හිතුවෙ...... මතු සම්බන්ඳයි.










Saturday, March 3, 2018

අප්පච්චි අගමැති විය???


පලාත් පාලන මැතිවරණය නිමා විය. පොහොට්ටුව ජයග්‍රණය ලබාගත්තේය. බස් රථයක් තුල හමුදා සෙබලෙක් ගෙන ගිය බෝමබයක් පුපුරා ගියේය. නීතිය හා සාමය රනිල් සතුවිය. වදබෙහෙත් මතු විය. අලුත් අලුත් කතා කරලියට එමින් පරණ කතා එකින් එක යට යන සාම්ප්‍රදායික ගලායෑමක් පවතින පසුබිමක හැකි අයුරින්  දේෂපාලන කියවීමක් ලබා ගැනීමට උත්සහා කරමු. ලියුම්කරු ප්‍රවීන , පරිනත දේශපාලන විචාරකයෙක් නොවුනත් මේ කරුණු සාකච්චාව අද අප කොතනදැයි සිතන්න ප්‍රයෝජනවත් වේ යැයි විස්වාස කරමි.

මැතිවරණය මහින්ද රාජපක්ෂ නිසා පොහොට්ටුව ජග්‍රණය කල බව පැහැදිලිය. ඒ පිලිබඳව කියවාගන්නට පෙර ඉන් පසු සිදු වූ සිදුවීම් සම්බන්ද සමාජ ප්‍රවනතාව කි‍යවා ගැනීම පෙර කියූ මැතිවරණ ප්‍රතිඵලය කියවාගන්නට පහසුවක් විය හැක. බස් ‍රථය තුල බෝම්බය පිපිරී යාමත් සමග නැවත කොටි නැගිටින බවත් සහ එවැනි කටකතා සීඝ්‍රයෙන් පැතිරී යන්නට විය. සමාජජාල වෙබ් අඩවි තුල එය විශේෂිත විය. පසුව හෙලිවන කරුණ නම් අදාල සෙබලා තම ණය බර දරාගැනීමට නොහැකිව සිය දිවි නසා ගැනීමට ගෙන ආ බෝම්බයක් පිපිරී ගිය බවය. ජීවන බර ජීවත් වීම තවදුරටත් සිදු කල නොහැකි තරම් ඉහල ගොසින්ය. නමුත් මේ සිදු වූ සිදුවීම හරහා බොරදියේ මාලු බන්නට උත්සහා කල අන්තවාදීන් ඔබ හඳුනාගත්තාද යන්න සිතා බැලිය යුතුය. ඔවුන්ගේ දේශපාලනය කුමක්ද යන්න විමසා බැලිය යුතුය.


මැතිවරණ ජයග්‍රහනයෙන් පසුව මහින්ද රජපක්ෂ උදම් අනිමින් සිටියේ නව ආණ්ඩුවක් බිහිකර අගමැතිකම ලබා ගැනීමටය. පසුව විපක්ෂ නායක කම ඉල්ලුවේය. දැන් මොකවත් නැත. නීතිය හා සාමය රනිල්ට හිමිවිය. බැඳුම්කරයට වූ දෙයක් නැත. හොරා නීතිය අතට ගෙන ඇත. ෆොන්සේකාට නීතිය හා සාමය ලබාදෙනවාට විරුද්ධ වූ රාජපෂවරු හා මහින්දවාදීන් රනිල්ට එය ලැබීම ගැන කිසිවක් නොකියයි. මහින්දටද අවශ්‍යය එය බව ඔවුන් දනී. අර්ජුන් රනිල්ගේ සගයා සේම උදයංග මහින්දගේ මස්සිනාය. එම නිසා සාර්ථක ලෙස එම ඩීල් එක ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ පිලිබඳව සමාජ කතිකාවතක් නිර්මාණය වන්නටත් මත්තෙන් "වඳ පෙති" කරලියට පැමිණියේය. වෛද්‍ය විද්‍යාව දන්නා අය කොතරම් කීවද ජාතිවාදීන් නැවතත් එම ගින්න අවුලුවමින් සිටී. මේ සාමාන්‍ය සමාජ පසුබිමයි. ඒ පිලිබඳව අවබෝධයෙන් යුතුව මැතිවරණ ප්‍රතිඵල දෙස බලමු.

මැතිවරණයට පෙර ජනාධිපතිවරණයේදී යුධ ජයග්‍රහණයෙන් පසු වසර 30කින් වත් පරාජය කල නොහැකි යැයි දේෂපාලන විචාරකයන් පැවසූ මහින්ද රාජපක්ෂ බල තණ්හාව නිසා දූරකාලය නිමවීමටත් මත්තෙන් පරාජයට පත්විය. එය විසල් පරිවර්තනයක් කරනු ඇති බව ජනතාව විස්වාස කලේය. යහපාලනය වෙනුවෙන් දූෂිතයන්ට විරුද්ධව ඔවුන් චන්දය භාවිත කලේය. නමුත් පත්වූ පාලකයන් දිගින් දිගටම දූෂිතයන් රකින්නට විය. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන පොරොන්දුවක් වුවත් ජනපති මෛත්‍රීත් බල තණ්හාවෙන් තවදුරටත් එය රකින්නට විය. එසේම පොදු අපේක්ෂකයා වූ මෛත්‍රී පක්ශග්‍රාහී විය. රනිල් බලවත් වූ විට මෛත්‍රී ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි නිසා මහින්දට අදාල දූෂණ වංචා පසුපස පැන්නීම නවතාදමා මහින්දට නිදහසේ වැඩෙන්නට ඉඩහැරිණි. කෝප්කමිටුව ක්‍රියාත්මක වීමත් සමග ජ.වි.පෙ සුනිල් සදුන්නෙත්ති සහෝදරයා ප්‍රමුක කණ්ඩායම මහබැංකු බැඳුම්කර හොරුන්ව ගෙල මුලින් කොටුකර ගැනුනි. ඒ සමගම රනිල්ගේ රෙදි ගැලවුණි. ජනතාව බලාපොරොත්තු වූ වෙනස යහපාලන ආණ්ඩුව තුලින් සිදු නොවන බව පැහැදිලිවීමත් සමගම දැඩි ආණ්ඩු විරෝදයක් පැනනැගුනි.

මේ තත්වය තුල මහින්ද රාජපක්ෂ උපක්‍රමශීලී විය. ජාතිකවාදී ප්‍රචාරණය වැඩිකරනු ලැබීය. ගම හැදීමේ වැඩපිලිවෙල වෙනුවට මහින්ද අගමැතිවන බව ප්‍රචාරනය කෙරුනි. **ඉතිහාසය පිලිබඳ කියවීමේදී දුටුගැමුණු රජු මුල්තැනක් ගනී. සොලීන් පලවාහැර රට එක්සේසත් කිරීම විශිෂ්ඨ බව විවාදයක් නැත. නමුත් ඉතිහාසයක් පුරාවට රජ කතාවල දිවිදුන් සෙබලුන් ගැන කියවුනේ නැත. රාජ වර්ණනාවට පමනක් ඉඩ වෙන්කර ඇත. පුදුම වෙන්නට දෙයක් නැත. ඉතිහාසය ලියන්නේ එවකට පාලකයන්ය. දුටුගැමුණු කතා ඉතිහාසය තුලින් පලාත් පාලන ක්‍රමයට ගතයුතු වැදගත් දෙයක්ද තිබුනි. එනම් යුද්ධයට පෙ‍ර තිස්ස කුමරු ලවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමයි. එනම් රටේ ආර්තිකය ශක්තිමත් කිරීමයි. එදා අවශ්‍යතා සීමිත නිසා ආර්තිකය තුල ප්‍රධාන වූයේ ආහා‍ර අවශ්‍යතාවයි. අඹුදරුවන් බඩගින්නේනම් ගෙදර පිරිමියාට හිත හදාගෙන යුද්ධයට යා නොහැක. දුටුගැමුණු රජු මේ අභියෝගය සාර්තකව එදා ජයගත්තේය**. මෙය අදටත් වලංගුය. ගමේ ආර්තික මට්ටම නගා සිටුවීමකින් තොරව තරුණයන්ගෙන් විශේෂිත කැපවීමක් රට වෙනුවෙන් බලාපොරොත්තු විය නොහැක. මේ වන විට සමස්ත ලෝකයම රජ කාල‍යේ පැවති වැඩවසම් ක්‍රමය නිමාකරමින් ධනේශ්වර ක්‍රමයකට පැමිණ ඇත. නමුත් බහුතර ලාංකිකයන් තුලින් තවමත් මතුවන්නේ එදා පැවති වඩවසම් ලක්ෂණයන්ය. ගම හදනවා වෙනුවට ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මහින්ද අගමැතිවන බව විස්වාස කර චන්දය ලබාදීම තුල පිලිඹිබු වන්නේ එයයි. අවසානයේ කිසිවක් වෙනස් නොවුනි. පරණ හොරුන්ටම බලය ලැබුණි. නමුත් විකල්ප බලවේග තේරුම් ගත යුතුකරුන නම් ජනතාව මෝඩයන්‍ යැයි හන්වඩුගැසීම කෙතරම් අණුවන කමක්ද යනවග. එසේ කරන්නේද දේශපාලන ලදරුවන්ය. අප වෙනස් කල යුත්තේ මේ රට නම් මේ සමාජ ක්‍රමය නම් අප ගනුදෙනු කල යුත්තේද මේ මිනිසුන් සමගය. එසේ නොහැකි නම් දේශපාලනය කිරීමෙන් පලක් නැත. ජ.වි.පෙ ජේෂ්ඨයන් මේ පිලිබඳ අවබෝදය නවකයන් හට ලබා දීම සතුටට කරුණකි.

ප්‍රතිඵල විශ්ලේෂණය අනුව අන් සියලුම පක්ෂ තමන්ගේ පැරණි චන්ද ප්‍රතිශත වැඩිකරගැනීමට අපොහොසත් වී ඇති නමුත් ජ.වි.පෙ එය ක්‍රමානුකූලව වැඩිකරගෙන ඇත. ගැටලුව වූයේ බලාපොරොත්තු වූ මට්ටමක් නොලැබීමයි. නමුත් වඩා වැදගත් වන්නෙ චන්දයත් සමග බිම් මට්ටමේ සංවිදාන යාන්ත්‍රණය ශක්තිමත් වීමයි. එම නිසා ඉදිරියේදී වඩා ඉවසීමෙන් වඩා කැපවීමෙන් ක්‍රියාත්මක වීම තුල සමාජ පරිවර්තනයකට අවශ්‍යය පසුබිම සකසා ගත හැක.  අවසානයේ තේරුම් ගත යුත්ත නම් නියාය කෙතරම් දැන සිටියද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිලිබඳ තවදුරටත් හැදෑරිය යුතු බවයි.









Thursday, March 1, 2018

වෙනසක ඇරඹුම - 07 කොටස


06 වන කොටස මෙතනින්.

සංකලන ඉවර වෙනවත් එක්ක බැජ් එකේ උන්ගෙ මහන්සියට ප්‍රතිඵල ලැබෙමින් තිබුන. ජේෂ්ඨයන්ගෙන් විතරක් නෙමෙයි ආචාර්යවරුන්ගෙනුත් සෑහෙන්න හොද ප්‍රතිචාර ලැබුන. කණ්ඩායමක් විදිහට අපිත් හුඟක් දුරට වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට ඇවිත් තිබුණ.අපිට විතරක් නෙමෙයි ජේෂ්ඨ කණ්ඩායමත් ඒ වෙද්දි ඒක තේරුම් අරන්. ඒත් සාමාන්‍ය පරිදි ජේෂ්ඨයො ඒක පෙන්නුවෙ නෑ. ඒ වෙද්දි බකට් එක ගැන අපි ඇගිලි ගැන ගැන හිටියෙ.

ඔය කාලෙ වෙද්දි ඉතිං අපි කන්න බොන්න ගියත් කතා වුනේ බැජ් ෆිට් එකයි එන්න ඉන්න ජූනියර් බැජ් එකයි, බකට් එකයි සබරගමුවෙ අනාගතේ ගැනයි. ඉතිං බොන්න ගියහම ඕව කතා කරනකොට තත්ත්වෙ මොන වගේද කියල හිතාගන්න පුලුවන්නෙ. දවසක් හවසක අපි සෙට් උනා. හොස්ටල් දෙකේම උන් සෙට් උනේ සංඝමිත්තෙ. දෙමළ මුස්ලිම් සිංහල කියල බේදයක් නෑ ආතල් ගත්තෙ ඔක්කොම එකට. සෙට් වෙලා තාලෙ අල්ලන්න අරන් වැඩි වෙලා යන්න කලින් සද්දෙ ටික ටික වැඩි උනා. කොච්ච‍ර වෙලාවක් ගියාද කියලනම් මතක නෑ. කොහොම හරි එක පාරටම අයියල හොස්ටල් එකට ආව. ඒ වෙද්දි අපි කැම්පස් එක ගැනයි බැජ් ෆිට් ගැනයි කියව කියව හිටියෙ. මුලින්ම හොදට අහගත්ත බීල මීටින් ගන්නව කියල. ටිකකින් ඔක්කොම කෙලින්. එක එකාගෙන් ප්‍රශ්න අහනව. කොල්ලො හෝ ගාල බැජ් ගොඩදානව. දෙමළ සහෝදරයෙක් ඊලඟට හිටියෙ.
දෙමළ අයට සිංහල තේරෙන්නෙ නැති නිසා මුලින් උගෙන් ඇහුවෙ නෑ. මට හිතෙන්නෙ අයිය හිතුවෙ ඌ බීල නෑ කියල. කොහොම හරි ටික වෙලාවකින් "සීරුවේන් සිටින්" කියල සද්දෙට විදානයක් ආව. මෙන්න අරූ සීරුවෙන්. හිනාව තද කරන් හිටියෙ හෙන අමාරුවෙන්. මෙච්චර කල් සිංහල බැරුව හිටිය එකාට බිව්වම සිංහල පුලුවන් වෙලා. අයියල ටිකක් බැනල යන්න ගියා. අපිට දවසම ආතල්.. අමතක උන සිද්දියක් තියෙනව
ඔය වෙලාවෙ අපේ එකෙක් සිගරට් එකක් සාක්කුවෙ දාගන්නව අයිය කෙනෙක් දැක්ක. අයිය මූට කිව්ව ඒක මේස උඩින් තියන්න කියල. මූ ඒක තිබ්බ. අයියල දො‍රෙන් එලියට ගියා විතරයි මූ අනිත් සිගරට් එක සාක්කුවෙන් එලියට ගත්ත(සිගරට්ද බීඩි ද කියල හරියටම මතක නෑ). අපිත් හොල්මන්.

ඔහොම කාල‍ය ගෙවෙද්දි අපිට ජයසූරිය , සංඝමිත්ත හොස්ටල් වලට සමුදීල සිසිරට යන්න උනා. සෑහෙන්න මතක පොදියක් හිතේ තියාගෙන ෆස්ට් ඉයර් හොස්ටල් එක දාල අපි "සිසිර" ට මාරු උනා. ඒක ජීවිතේ සංදිස්ථානයක් වේවි කියල හිතුනෙ නෑ. පස්සෙ සබ් වෝඩ්න් නම් බර බරේ දැම්ම අරක්කු බෝතල් ගෝනි ගනන් අයින් කරන්න උනා කියල.:). සෙකන්ඩ් සෙම් එක්සෑම් එකත් ලඟ එනව තාම බකට් නෑ. ඒත් අපි දැනන් හිටිය බකට් ලැබෙන්න හොදටම ලඟයි කියල.

හදිස්සියෙ අපිට පණිවිඩයක් එනව පහලට එන්න කියල. එතකොට ඉතිං අපි දන්නව බකට් එකට තමයි කියල. ෆෝන් එහෙම තියල කට්ටිය පහලට ගියා. ඒ අත්දැකීම වචනෙන් විස්තර කර්න්න ත‍රම් මම දක්ෂයෙක් නෙමෙයි. එක දෙයක් හොදට මතකයි. ප්‍රශ්න වැලක් එක දිගට අහගෙන ගියා සබරගමු ඉතිහාසය ගැන. හැම එකටම උත්තර දුන්නම අයියලත් හිර වෙලා අන්තිම අන්තරේ ඉතිහාසෙත් ඇහුව. එකෙක්ගෙන් අහනව "උඹ යන්න කැමති තංගල්ලෙද , ගලේ වෙලද?" කියල. තේරුම දන්නවනෙ.:). ඒ කෙල්ල උත්තර දුන්න "තංගල්ල" කියල. "ඇයි බන් ඒ?" කියල ඇහුවම ඒකි කියනව "මාතරට ලඟයිනෙ" කියල. අපිට නේද.. පස් කන්න හිතුන. ආතල් වල ඉවරයක් නෑ. කොහොම හරි අවසානෙදි ඔක්කොම එක පොදියට ඉදිද්දි බලාගෙන හිටපු මඩ වතුර පාර හම්බුනා. සතියක් නෑවත් ගඳ යන්නෙ නෑ කියල තෙරුනත් වෙලාවෙ හැටියට ඒක මාර සැපක්. "උඹල දැන් රන් දාහත" කියද්දි දැනුන සතුට.... ඒක තාමත් ඇහෙනව වගේ. ටික වෙලාවකින් ජේෂ්ඨ කණ්ඩායමේ නායක සහෝදරය තත්වය පාලනය කරල නැවත කට්ටිය එක තැනකට එකතු කරා. කට්ටිය දැන් හෙන මොරාල්. සෑහෙන්න උනන්දුවෙන් අහන් ඉන්නෙ. "අපි උඹලට විනාඩි 5ක් දෙනව." කියන්න හම්බුනේ එච්චරයි. රීබකට් එක දුන්න ඇඩ්‍රස් නැති වෙන්න. ලේකම් හිටපු අයියව මඩේ එබුව. අක්කල ටික‍ටත් හොදට සැලකුව. පස්සෙ ජයග්‍රාහී විදිහට සියලුදෙනා සතුටි විසිර ගියා. ගිහින් පැය 2ක් විතර නෑව.:)




බකට් එක දවසෙ රෑ ගැන සහ මාෂෙල්ට කොටු වීම ගැන ලබන සතියට...





















Sunday, February 4, 2018

"I HATE POLITICS" මන් මේ පාර චන්දෙ දෙන්නෙ නෑ, නැත්තන් කටු ගානව.


බැජ් ෆොටෝ එක ගන්න කියල කටුබැද්දෙ අපේ එකෙක්ගෙ ගෙදර යන්න අම්බලන්ගොඩින් බස් එකට නැගල ටික දුරක් යනකොට අයිය කෙනෙකුයි මාමා කෙනෙකුයි මගේ සීට් එකේම වාඩි උනා. මේ වෙනකන් අදුරන්නෙ නැති නිසා සද්දයක් නැතුව මාත් වීදුරුවෙන් එළිය බලාගෙන ගියා. ටික වෙලාවක් යනකොට ඇහෙනව පොඩි දේශපාලන සාකච්චාවක්. මුල්දි ගනන් නොගෙන හිටියට ටිකක් වෙලා යනකොට වැඩේ නැගල යනව වගේ නිසා පොඩ්ඩක් කන් දුන්න. 


     මාමා: මුන් ඔක්කොම එදා ඉදන් හොරකමනෙ කරේ..
     අයිය: ඔව් මුන් වෙලාවෙන් වෙලාවට බයිල ගහල මිනිස්සු රවට්ටනව.
     මාමා: මේ පාර ජේ.වී.පී එකටවත් දෙනව.
     අයියා:උනුත් එච්ච‍ර තමයි මහින්දව ගෙනාවෙත් උන්. මේ පාර යහපාලනේ                   ගෙනාවෙත් උන්. අන්තිමට වැරදි කිව්වට උන් නැත්තන් මහින්ද එදා දිනන්නෙත් නෑ. මෙදා මෛත්‍රී දිනන්නෙත් නෑ. මම නම් මේ පාර චන්දෙ දෙන්නෙ නෑ.

සංවාදෙ ඔතනට එද්දි මන් කල්පනා කරා මෙච්චර දෙයක් තේරෙන මිනිස්සු නිකන් ඉන්න එක අපරාදෙනෙ. ටිකක් කතා කරල බලන්න ඕනෙ කියල.
      මම: අයිය මේ පාර චන්දෙ නොදී ඉන්නද හදන්නෙ?
      අයියා: ඔව් මල්ලි
      මම: තේරුමක් නෑනෙ අයියෙ.
      අයියා: එතකොට පාලකයො තේරුම් ගනීවිනෙ චන්දෙ ප්‍රතික්ශේප කරපු ප්‍රමාණය වැඩි කියල. එතකොට එයාලට පනිවිඩයක් යාවිනෙ.
      මම: අයිය හිතන්නෙ උන් වැරැද්ද නොදැන කරනව කියලද? නෑ අයියෙ උන් දැන දැනම තමයි කරන්නෙ. උන්ට විරුද්ද නොවෙනව කියන්නෙ වක්‍ර විදිහට පක්ෂ වෙනව කියන එකමනෙ. අර කියමනක් තියෙන්නෙ රටේ අවාසනාව නරක මිනිසුන්ගෙ වැරදි ක්‍රියා නෙමෙයි හොද මිනිස්සුන්ගෙ නිහඩතාවය කියල. අයියට රටේ අවුල තේරිලත් අයිය විරුද්ධ නොවෙන එක අපරාදයක් නේද අයියෙ.
     අයිය: එතකොට මල්ලි කියන්නෙ...
     මම: අයිය කියපු කතාව හරි. මහින්දව ගෙනාවෙත් ජ.වි.පෙ යහපාලනය ආවෙත් ජ.වි.පෙ මහින්දව එලවපු නිසා. ඒ දෙකම අයියෙ ඒ මොහොතේ තිබිච්ච දේශපාලන අවශ්‍යතාවය නේද? යුද්ධය දිනන්න වගේම හොරා කාපු යුද්දෙ විකුනන් කන මහින්දව එලවන එක ඒ වෙලාවෙ අවශ්‍යම වෙච්ච දේ.
    අයියා: ඒක හරියි කියමුකො. ඒත් අපි විස්වාස කරන්නෙ කොහොමද ඉස්සරහ ගැන.
    මම: ජ.වි.පෙ දිනුවෙ තිස්සමහාරාමෙ විතරයි. ඒ වෙද්දි තිබ්බ දුප්පත්ම ප්‍රාදේශීය සභාවක්. ඒත් ජ.වි.පෙ පාලනය යටතේ ලංකාවෙ හොදම ප්‍රාදේශීය සභාව. කසල කලමනාකරණ වැඩසටහනකුත් එදා තිස්සෙ තිබුනා. හම්බුනේ එකයි ඒක තමයි ලංකාවෙ හොදම එක. වෙන මනවද අයියෙ දෙන්න ඕන සහතික.
    අයිය: ඒක නම් ඇත්ත මල්ලි. මාත් දන්නව ඔය කුනු ප්‍රශ්නෙ නම් මුන් වවාගෙන කනව. මල්ලි මනවද කරන්නෙ.
   මම: මන් දැන් කැම්පස් අවුට් වෙලා ජොබ් එකක් කරනව.
   අයිය: දෙන්න නම් නෙමෙයි හිටියෙ. ඒත් එකක් දීල බලන්න හිතෙනව.

ඔය විදිහට ටිකක් වෙලා කතා කරා. පෙරටුගාමී එක ගැනත් ඇහුව. ඉස් ඉස්සෙල්ලම හම්බෙච්ච පාර කුරුට්ටො අපේ ෆුල් ටයිම් කරන උන් ටික ගලවන් ගිහින් දැන් අනාත කරල කියල දුක හිතෙන කතන්දර කියන්න බෑනෙ. එයාලගෙ දේශපාලන අදහස් වෙනස් කියල ඒක එතනින් නැවැත්තුව.

"දේශපාලනය මට තිත්ත වෙලා, මම ස්වාදීනයි " කියන්නෙ කිසිම විදිහක නිදහසට කාරනාවක් නෙමෙයි කියල බොහොම ආදරයෙන් හැමෝටම මතක් කරනව. ඒ නිසා මේ පාර වෙනසක් කරන්න දීල බලමු.

Friday, January 26, 2018

වෙනසක ඇරඹුම - 06 කොටස


මගහැරුනු අයට කලින් කොටස මෙතනින්.

ඒ දවස් වල පුරුද්දක් විදිහට අපි හිරිකට්ටට නාන්න ගියත් ඒ ගමන ටිකක් අවදානම්. මොකද ඒ කාලෙ නිතරම වගේ ජේෂ්ඨයො ඔය හරියෙ කැරකෙනව. ජයසූරිය හොස්ටල් එකයි සංගමිත්ත හොස්ටල් එකයි තමයි ඇප්ලයිඩ් කොල්ලොන්ට තිබුනෙ. ඔය හොස්ටල් දෙකත් පොඩි පාරකින් වෙන්වෙලා තිබුනෙ. කියන්න අමතක උනානෙ සබරෙ කැම්පස් එකේ උන් ගමේදි කොට කලිසම් ගහන් ඉන්නෙ නෑ. ඒක හදාගත්තු එකගතාවයක්. දවසක් කොල්ලෙක් එක පාරටම සංගමිත්තෙ ඉදල ජයසූරිය එකට පැන්න. හැරෙන්න උනේ නෑ කොට කලිසම ගහගෙන හිටපු එකා දිග කලිසමකුත් ඇදගෙන. තප්පර කීපයකින් අයියලත් කඩාගෙන පැන්න හොස්ටල් එකට. ශෝට ගහන් හිටපු එකා හොයනව. එතකොට තමයි වැඩේ මීටර් උනේ. කොහොම හරි එදා ඌව අල්ලගන්න බැරි උනා. අපි ඉතිං මලාට පාවල දේවිද.. බැනල බැනල යන්න ගියා.


ඔය කාලෙ අපේ ද්‍රවිඩ සහොදරියකගෙ අක්කගෙ මගුල් ගෙදරට යාපනයට ආරාධනාවක් ලැබුන. ඒකත් මරු ගමන. කට්ටිය මුලින් ටිකක් පස්ස ගැහුව කට්ටක් කන්න වෙයි කියල. ඒත් ගමන නම් මෙලෝ කට්ටක් නෑ. ආතල් විතරමයි.


කොහොම හරි හැමතැනම තියෙන ප්‍රශ්නයක්නෙ අනිත් ජාතීන් වල සහෝදරවරුන් එකට සම්බන්ද නොවීම. වැඩිපුරම බලපෑවෙ භාෂාව. ඒත් සබරගමුවෙදි ඒක හුගක් දුරට අඩුයි. අයියල අපිට පවරපු වගකීමක් තමයි එයාලවත් පුලුවන් තරම් එකතු කරගන්න කියන එක. දවසක් අපේ උන් මරු වැඩක් සෙට් කරල තිබුන. වෙන මුකුත් නෙමෙයි අමුර්තෙ. ආයෙ මුකුත් නෑ සිංහල කතා නොකරපු උන් සිංහල සිංදුත් කියනව. එතන ඉදන් අද වෙනකන් උන් සෙට් එක පට්ටම ෆිට්. අයියලට මාට්ටු වෙච්ච එකකුත් උනා. ඒක ඉස්සරහට කියන්නම්...

අපිට ටැලන්ට් ෂෝ එකේ වැඩේ බාර දුන්නෙ බැජ් රෙප් කෙනෙකුත් දාගෙන. ඒ දවස් වල ඉතිං කට්ටිය බරටම වැඩ. රැයක් දවාලක් නෑ. කොහොම හරි දවසක් හදිස්සියකට කඩේකට යන්න එකෙක් හෙව්ව. ඒත් නෑ ඔක්කොම වැඩ. ඒ වගේම තමයි වැඩෙත් තිබුන සුපිරියට. අපි නාට්‍යයක් කරා. ඒත් එක පාරක්වත් ඒකෙ අවසානෙ කොහොමද කියල ප්‍රැක්ටිස් කරල තිබුනෙ නෑ. ඒ වෙලාවෙ හිතිච්ච විදිහට ඉවර කරා. මතක් වෙනකොටත් හිනා.. ඕකෙ තිබ්බ චිත්‍ර ප්‍රදර්ශනේදී අපේ එකෙක් ඇදපු කෙල්ලෙක්ගෙ චිත්‍රයක් නිසා සෑහෙන්න ලොකු කතාවකුත් උනා..



බීලා මාට්ටු වෙච්ච සීන් එකයි.. අපේ බකට් එකයි ඊලගෙකෙන්.. මතුසම්බන්දයි...















Tuesday, January 23, 2018

වෙනසක ඇරඹුම - 05 කොටස


මගහැරුනු අයට කලින් කොටස මෙතනින්.

කොහොම කොහොම හරි අපේ පළවෙනි වැඩේ උන "රාත්‍රිය වී" ප්‍රසංගය බොහොම සාරථක විදිහට පැවැත්වුනේ ඇත්තටම පුදුම සතුටක් හිත් වලට එකතු කරමින්. අපේ වැඩේ කිව්වට අපි කරේ අයියල කියපු ඩෙකරේශන් ටික විතරයි. ඊට අමතරව අපේ එකෙක් ගිටර් එක ප්ලේ කරා. ඒ ටික ඉතිං අපිට මහමෙරක් වගේ.

වැඩි දවසක් යන්න උනේ නෑ. ආයෙත් බැජ් මීටින් එකක් අරන් අපිට ක්‍රිකට් මැච් එක සංවිදානය කරන්න දුන්න. "රාත්‍රිය වී " වගේ නෙමෙයි මේකෙ සම්පූර්ණ වැඩේම බාරදුන්නෙ අපිට. මතක විදිහට අයියල සල්ලි දුන්න. කට්ටිය ඉතිං දත හපාගෙන වැඩ. ඔය කාලෙ වෙද්දි එක එක විදිහෙ චරිත බැජ් එකේ ඉස්මතු වෙන්න ගත්ත. අයිස් ගහන උන්, ටෝක් දෙන උන් වගේ එක එක ජාතියෙ උන් එක්ක කොහොම හරි බැජ් ගොඩදාපු එක නම් උනා. මැච් එකට ටෙන්ට් එක ගහන්න සෙට් උන වෙලාවෙත් අමතක නොවන සිද්දියක් උනා. අයිය කෙනෙක්, අයිස් ගහනව කියල තේරිලද කොහෙද අපේ එකෙක්ට අලවංගුව දුන්න. අලවංගු පාරවල් දෙකයි දුන්නෙ උගේ අතේ කරගැට ආව. ජීවිතේට අලවංගුව අල්ලල නෑ. ඒ වගේ දේවල් මතක විදිහට ඉතුරු කරල ක්‍රිකට් මැච් එකත් (එරේෂ් තනුක ඇනුස්මණ කුසලානය) සාර්ථකව නිමා උනා. 

ඔය කාලෙ ඉතිං වගකීම් අඩු පිස්සු කෙලින කාලෙනෙ. වෙලාවක් අහුවෙච්ච ගමන් කොහේ හරි යනව. අඩුගානෙ හොස්ටල් එක පහල තියෙන හිරිකටු ඔයට හරි. ඔය ගමන් එක්කම බැදිල තිබුනු දෙයක් තමයි ෆොටෝ ගැහිල්ල. අපේ එකෙක් ගාව ඒ දවස් වල තිබුන සැම්සුන් එස්3 ෆෝන් එකක්. ඉතිං ඌ තමයි ඩයල් එකක්. ඒත් ඉතිං වැඩිපුරම බයිට් වෙන්නෙත් ඌම තමයි. කොල්ලො ඌට කියල ෆොටෝ ගහගෙන උගේ ෆොටෝ නොගහ මාරු වෙනව. ඉතිං අරූ කෑගහනව "අවුරුදු 4ටම උඹලගෙ ෆොටෝ ගහන්නෙ නෑ" කියල. ඌව බයිට් කිරිල්ලත් ට්‍රේනින් හොයන කාලෙදිවත් නතර උනේ නෑ. ඒ විස්තර ඉස්සරහට කියන්නම්. සූටි අහිංසක ගෑණු ළමයෙකුත් හිටියනෙ ඔය සෙට් එකේ. අවු 21 වුනාට අපේ උන් ඒ දවස් වල කිව්වෙ ආයෙ පහේ පන්තියෙ ඉදන් යවන්න ඕනෙ කියල. පොඩ්ඩ බැරිවෙන්න බෑ මූණ දෙක වෙනව ඇස් වලට කදුලු එනව. ඒ උනාට කෙල්ල ටිකක් ලස්සනයි. ඔන්න ඉතිං අපේ එකෙක්ට හිත ගිහින්. ඌ අපිටත් ඇවිත් කිව්ව. අපි ඉතිං ෆුල් සපෝට්. එක්සෑම් කාලෙ කියල නෑ. කොල්ලො කවි ලියල දෙනව. දැන් හෙන චැට් එක. වැඩේ නැගලම ගියාට තාම කොක්ක ගහල නෑ. ඒ කතාවේ හොද කෑලි තව ඉස්සරහට.අයියලගෙ කුප්පි ටිකෙන් අපි පලවෙනි එක්සෑම් එකනම් ගොඩදාගත්ත.

ඔය කාලෙදි ඉතිං අර මන් කලින් කියපු ඇග්‍රි එකේ සහෝදරිය එක්කත් ටික ටික චැට් එක ගියා. දවසක් මන් යැව්ව 
           "මිතුරිය සේ උන්නත් ඔබ මගෙ හදවත ලග
             සොදුරිය කරගන්නයි මා පැතුවේ හැම දින" කියල. ටිකක් වෙලා ගිහින් රිප්ලයි ආව. 
            "සුපෙම් හැගුමන් එපා ඔබෙන් මිතුරු දම් විනා". පුදනකොටම කාපි යකා කිව්වලු. ඇරඹුමම කදුලක් වෙලා ඒ කතාව නතර වුනා. තාමත් හොද යාලුවෙක්. පස්සෙ තමයි එයා විස්තර කිව්වෙ. හුගක් දිග අහින්සක කතාවක්. ඒවා වැඩක් නෑනෙ. කොහොම හරි ටික දවසකින් හිත හදාගත්ත.

ඔහොම යද්දි අපිටම තේරුණා අපි බලාපොරොත්තු උනු සුන්දර සරසවිය වෙනුවට මේ තියෙන්නෙ මලගෙයක් වගේ මලානික පරිසරයක් බව. ඒ පරිසරය වෙනස් විය යුතුයි කියන අදහස ටිකෙන් ටික අපේ හිත් වලට ඇතුල් වුනා. ඔය කාලෙදිම තමයි "යදම් මතින් නැවුම් බිමට" ෆැකල්ටි ඩේ එක කරන්න ජේෂ්ඨයො අපිට බා‍රදුන්නෙ.ඒ ඉතිහාසය කියවද්දි ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කරපන් කියන බලකිරීම හිතට වද දෙන්න ගත්ත. පීඨාධිපතිතුමා සැමරුමට ඇවිත් කිව්වෙ ඉතිහාසයේ ඒ වගේ වීර‍යො හිටිය, හැබැයි දැන් නැහැ කියල. ඒ වගේම පීඨයේ දෙවනි අදියරක් කියල එකක් නෑ කියලත් කිව්ව. වැඩි වෙල යන්න කලින් උත්තර හම්බුනා. නිවේදනය කරපු අයියම ප්‍රතිඋත්තර දුන්න. මාරාන්තික උපවාසෙ වෙලාවෙ ඇස් ඇතුලට ගිලිල රෝහල් ගත කරපු සහෝදරයට කිරි පැකට් එකකුයි චොකලට් එකකුයි ගෙනිච්චම එයා ගෙනාපු කෙනාට බැනල අහල තියෙන්නෙ අනිත් උන්ට දෙන්නැතුව උඹ මට මොකටද ඕව ගෙනාවෙ කියල. සටන් කල යුතුයි කියන පුංචි අදහසක් එදා හිත ඇතුලට කිදා බැහැල තිබුනා. 

කතාවෙ ඉතුරු හරිය පටන් ගන්නෙ අපිට දක්ෂතා වෙදිකාවෙ පෙන්නන්න ටැලන්ට් ෂෝ එකක් කරන්න කියල බාරදුන්නට පස්සෙ. ඒ ටික මතුසම්බන්දයි..














Saturday, January 13, 2018

වෙනසක ඇරඹුම - 04 කොටස


මගහැරුනු අයට පලවන කොටස මෙතනින්.
                               දෙවන කොටස  මෙතනින්.
                               තුන්වන කොටස මෙතනින්.

හැමෝම කියනව වගේ කැම්පස් එකේ අමතක නොවන වසර පලමු වසර. කොහොම හරි මේ වෙනකොට ලංකාව වටෙන්ම සබරෙ ඇප්ලයිඩ් එකට ආපු උන්ව අපි ටික ටික හරි අදුරනව. කෙල්ලො කොල්ලො බේද නෑ හැමෝම ෆිට්. ඒවට නම් ඉතිං ජේෂ්ඨයොන්ට තමයි ගෞරවය හිමි වෙන්න ඕනෙ. ඉතිං ඔය කාලෙ තිබුන තව උණක් තමයි පහලින් ගලාගෙන යන හිරිකටුඔයේ නාන්න යන එක. මුලින්ම යන්නත් කට්ටිය ටිකක් පස්ස ගැහුව. සින්නො හැම තැනමනෙ. ඔන්න ඉතිං නමෝවිත්තියෙන් හිරිකට්ටට පැන්න. ලියන්න හුගක් දේවල් තිබුනත් සභ්‍ය දේවල් තිබුනෙ හෙන ටිකයි. කොටින්ම එකෙක්ව බයිට් කරන්න කියල නාන වෙලාවෙ කලිසමක් ගැලෙව්ව. මොන... ඌට ගානක්වත් නෑ. පස්සෙ අනිත් උන්ටම ලැජ්ජ හිතිල ආයෙ කලිසම දුන්න. කොටින්ම ඒ වීඩියෝ බලද්දි මටත් දැන් ලැජ්ජ හිතුන. ඒ නිසා ඒ ගැන ඊට වඩා ලියන්නෙ නෑ.

පලමු වසරෙ අයට කැම්පස් එකේ ශෝට්කට් පාවිච්චි කරන්න තහනම්. ඒත් ඉතිං අපි කම්පියුටර් ලැබ් එකට ගියේම ශෝට්කට් එකකින්. අයියල බනින එක නවත්තන්නෙත් නෑ අපි ඒකෙන් යන එක නවත්තන්නෙත් නෑ. අනිත් මොක පිලිගත්තත් අපේ හිත් ඒක පිලිගත්තෙත් නෑ මන් හිතන්නෙ. බැනුම් අහ අහ එහෙම යන්න හේතු උනේ ශෝට් කට් යන්න එපා කියපු ආරක්ෂක හේතූන් සහිත තර්කය කලින් මම කියපු ලැබ් එක ලග ශෝට් කට් එකට අදාල නොවුනු නිසයි.  ඔය කාලෙම අපිට අයියල බැජ් මීටින් තියල ග්ලොසරි එක(ජේෂ්ඨයන් විසින් හදපු සිංහල ඩික්ෂනරි එක) එහෙම දුන්න. ඊට පස්සෙ තමයි අයියලත් එක්ක හරියටම ගැටෙන්න හම්බුනෙ. කලින් ඉතිං ඔය කොහෙන් කොහෙන් හරි බැනල යනවනෙ.

හදිස්සියෙම බැජ් මීටින් එකක් ගත්ත. "උඹලට වැඩක් දෙනව. මේක උඹලගෙ පලවෙනි වැඩේ." හරි හෙමින් ඕක ඇහුවෙ. ආයෙ ඉතිං අපි බෑ කියවිද. ඔන්න පලවෙනි වැඩේ. පලවෙනි වැඩේ කිව්වට ඒක "වෙල්කම්" එහෙමත් නැත්තන් සබරෙ බොරු බකට් එක. ශිෂ්‍ය සංගමය තහනම් කරල 70 කට වැඩි පිරිසකගෙ පන්ති තහනම් කරල පස් දෙනෙකුට වඩා එකතු වෙන්නත් තහනම් කරල තිබුන කාලයක් කියල දැන ගත්තෙ ටික කාලයක් යනකොට. බොරු බකට් එක කිව්වට ඒකෙ අපේ දක්ෂතා එලිදක්වන වැඩසටහනකුත් තිබුන. අවසානෙට මා පිය ගුණ සිහිකරන වැඩ සටහනක් තිබුන. අපි හැමෝම ඇඩුව. තාමත් මතකයි අයියල අක්කල කියපු වචන. අපිව පුංචි කාලෙටම එක්කන් ගිහින් ආයෙ ඒ හිටමු තැනටම සංවේදී මනුස්සයෙක් විදිහට ගෙනැල්ල අපි වටේට අත් අල්ලගෙන "ආදරණීය නංගියේ මල්ලියේ අපි මෙතැන් සිට ඔබත් සමග ඉන්නව". ඒ වචන තාමත් ඇහෙනව වගේ. ඒකෙන් පස්සෙ කොල්ලො සපත්තු කෑලි වෙනුවට බාටා කෑලි දාන්න නිදහස් වුනා.


ආයෙ ගත්ත බැජ් මීටින් එකක්. ආයෙත් කලින් වගේම ඇහුව. ඒකටත් අපි ඕකේ. ඒක ටිකක් වෙනස් මාව නම් සම්පූර්ණ වෙනස් කරපු අවස්තාවක්. "රාත්‍රිය වී" ප්‍රසංගයේ සැරසිලි කටයුතු අපේ බැජ් එකට කරන්න දුන්න. කට්ටිය බොක්කෙන්ම නිදිම‍රාගෙන වැඩ කරා. ඔය අතරෙ දවසක් රෑ මට අයිය කතා කරා "බෙන්තරය මෙහෙ වරෙන්". මාත් ඉතිං ගියා. "මොකක්ද මෙතන කරන්නෙ?" මමත් ඉතිං"අයියෙ රාත්‍රිය වී එකේ වැඩ වලට උදව් වෙනව." ටිකක් අනම් මනම් ඒව ගැන අහල මාව එලියට එක්කන් ගියා. ඒක ඒ තරම් තීරණාත්මක ගමනක් වේවි කියල ඒ වෙලාවෙ නම් නිකමටවත් හිතුනෙ නෑ. කොල්ලො 8ක් විතර හිටිය. ඒ සෙට් එක දැක්ක ගමන් ඒ වෙලාවෙ තේරුන යූනියන් තෙලක් තමයි කියල. ඒත් ඉතිං අපිව එක්කන් ගිය අයියල අපිව හොදටම බය කරා. ඒ මදිවට මල රෑ. දොළපාරක් ගලාගෙන යනවත් ඇහෙනව. ඒ අස්සෙ අයිය කෙනෙක් අහනව "දැන් ගමේ මිනිහෙක් ඇහුවොත් උඹල මොකටද ආවෙ කියල?". කියන්න අමතක උනානෙ ඒ වෙද්දි අපි හිටියෙ කැම්පස් සීමාවෙන් ගොඩක් එලියට වෙන්න ගමේ. එකෙක් කිව්ව "කෙසෙල් අතු වගයක් කපන්න ආව කියනව". "කෝ යකෝ පිහියක්" තව එකෙක් අහනව. අපේ එකත් ඇරියෙ නෑ. "එයාගෙන්ම පිහි‍යකුත් ඉල්ලනව කිව්ව". ප්‍රශ්න ඉවරයි. අපේ අනුමාන කිරීම නම් හරි උනත් පුංචි පුදුම වීමකුත් තිබුන. මොකද ඊට කලින් තිබුණ උද්ගෝෂණයක කතාකරපු මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එතන හිටිය. ඒ වන විට වසර එක හමාරක පන්ති තහනමකට මුහුන දීලයි හිටියෙ. අපිට පළමු උද්ගෝෂණයට එන්න එපා කිව්ව විභාගෙ නිසා. පස්සෙන්ද සාමාසික මැද විභාගෙ  තිබුනත් තිබිච්ච උනට කට්ටියත් එක්ක ගියාට ආයෙ හරවල හොස්ටල් එකටම එව්ව. දෙවනි එකේදි තමයි අර අයියගෙ ලේ රත්වන වචන ටික ඇහුවෙයි අර මාෂල් කියන ඩයල් එකට තියෙන බය නැතිඋනෙයි.

ඔන්න ඉතිං කට්ටිය වාඩි වෙලා සාකච්චාව පටන්ගත්ත. ශිෂ්‍ය සංගමේ වැඩ ඉස්සරහට කරන් යන්න අපිව තෝරගෙන. අපිට කතා කරන්න සහ ප්‍රශ්න අහන්න අවස්තාවක් දුන්න. මම අහපුව නම් හරියට මතක් නෑ. ඒත් එකෙක් පොල්ලෙන් ගැහුව වගේ ඇහුව "අයියල නීති කැඩුවෙ නැත්තන් අපිට තාම ශිෂ්‍ය සංගමේ තියෙනවනෙ?" කියල. නීතිය යුක්තිය එදා තත්ත්වය ගැන පැය දෙකක විතර දේෂණයක්.අවසාන‍යේදී අපි හොස්ටල් එද්දි බැජ් එක ගොඩ දාන්න ඔනෙ කියන එකක් නම් ඔලුවට වැටිල තිබුන.

එතනින් පස්සෙ මගේ ජිවිතේ නම් ටිකක් වෙනස් වෙමින් තිබුන. කොහොම හරි ලස්සන ආදර කතාවකත් ආරම්භය සනිටුහන් කරමින් තිබුන. ඒක ලස්සනම වෙන්නෙ අවුරුදු 4ක් ට්‍රයි කරල කැම්පස් අවුට් උනාට පස්සෙ කොක්ක සෙට් උන එක. ඒ වගේ කතා දෙකක් තියෙනව. හෙමිහිට ඉස්සරහට විස්තර ටික කියන්නම්කො. දැනට මතු සම්බන්දයි.




















Wednesday, January 10, 2018

සටන පැරදී නොමැත.



වසර ගණනක් අකණ්ඩව පැවති සයිටම් විරෝධී අරගලය එක් මොහොතක සයිටම් ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුව එකග වීමත් සමගම ජයග්‍රාහීව අවසන් කලත් එය වෙනත් ආකාරයකට නැවත වරක් අද්‍යාපනය පෞදලීකරණයට මගපාදමින් මතු වෙමින් පවතී. මේ තත්වය යටතේ සමාජය තුල කුකුසක් මතුවෙමින් තිබේ. එනම් "සටන පැරදුනාද" යන්නය. ඒ හේතුවෙන් මේ කරුණු කීපය ලියා තබන්නට සිතුවෙමි.


සයිටම් සටන සයිටම් සදහා පමණක්ද යන්න විමසා බැලීම වැදගත් වේ. ලිබරල් ආර්තික ක්‍රමවේදය සිය ප්‍රතිපත්තිය කරගත් පාලකයන් හුදෙක් සයිටම් නම් ආයතනයක් වසා දැමීමට විරුද්ධව මෙතරම් ප්‍රතිරෝධයක් යොදාවිද? කිසිසේත්ම නැත. සයිටම් යනු එක් ආයතනයක් පමණක් වුවද සයිටම් විරෝධී සටන පැවතුනේ එක් ආයතනයකට විරුධව නොවේ. අද්‍යාපන පෞද්ගලීකරණයට විරුද්ධවය. එනම් ආණ්ඩුවේ ලිබරල් ආර්තික ප්‍රතිපත්තියට විරුද්ධවය. එවැනි සටනක් කෙටි කාලීනව ජය ගත හැකි යැයි සිතීම විහිලුවකි.

 සයිටම් ස්ලිට් හා එක් කර නැවත කරලියට ගෙන ඒමට පාලකයන් පිඹුරුපත් සකසද්දී සටන් බලවේග එයට පෙරටත් වඩා සූදානම් විය යුතුව තිබෙද්දී පිටියෙන් ඇසෙන්නේ විස්වාසය කඩවුනු හඩවල්ය. ඉතිහාසය පුරාම එය එසේය. යම් පසුබැසීම් නිවැරදිව වටහාගත නොහැකිව ඒවා පරාජයන් ලෙස ගෙන පවතින තත්ත්වය නිවැරදිව විග්‍රහ කරන්නට නොහැකිව කණ්ඩායම අතහැර ගොස් කණ්ඩායම විවේචනය කරන අය අප අනන්තවත් දැක ඇත. සටන පුරා අඩුපාඩු තිබුනු බවත් විවිධ දේශපාලන කණ්ඩායම් සටන සිය දේශපාලන උවමනාවන් වෙනුවෙන් සටන පාවිච්චි කල බවත් නොරහසකි.
නමුත් මෙම සටන තුලින් ජයග්‍රහණ විශාල ප්‍රමානයක්ද ලබා ගැනුනි.

අද්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව සමාජ මතයක් ඇතිකිරීමට මෙම සටන මහත් පිටුවහලක් විය. එමෙන්ම කම්කරු පන්තිය පොදු සටකට එක් කර ගාමක බලවේගය වන කම්කරු බලවේගය සටන්කාමී මාවතකට රැගෙන ඒමට සටන මහත් පිටුවහලක් විය. එමෙන්ම සාම්ප්‍රදායි "බැරියර් පෙරලන සටන් ක්‍රම වෙනුවට නව සටන් ක්‍රම කරලියට පැමිනීමද සිදු විය.(මොරටුව වි.වි මහා ශිෂ්‍ය සංගමයේ වීදී නාට්‍ය විරෝධතා සහ ක්‍රිකට් තරගයේදී සිදුකල විරෝධතාව මෙන්ම සබරගමු වි.වි සයිටම් විරෝධී දන්සල උදාහරණ ලෙස දැක්විය හැක).



එමෙන්ම එදා පැවති විරෝධය හමුවේ රජයට පැලැස්තර විසදුමක් හෝ ලබා දෙන්නට සිදුවීමම සටනේ ජයග්‍රහනයකි. අද වන විට සබරගමු වෛද්‍ය පීඨයට 75 දෙනෙකුගෙන් යුත් පලමු කණ්ඩායම බදවාගන්නා බව කියවේ. සබරගමු වෛද්‍ය පීඨය යනු අප සියලු දෙනා තුල තිබූ සිහිනයකි. හැකි උපරිම අයුරින් ඒ වෙනුවෙන් කැප වුනෙමු. මෙහිදී මතකයට නැගෙන්නේ "හෝ ගානා පොකුණ" චිත්‍ර පටයේ බසය ලබා ගැනීම වෙනුවෙන් රොකට්ටුවක් ඉල්ලා කරන ඉල්ලීම සහිත ගීතයයි. අපටද රොකට්ටුව නොලැබුනද බසය ලබාගත හැකිවිය. චිත්‍ර පටයට වඩා සැබෑ සටන වෙනස් වන්නේ චිත්‍රපටයේ සැබෑ අරමුණ බසය උවත් අපගේ සැබෑ අරමුණ රොකට්ටුව වීමයි. සටන් වල ස්භාවය එයයි. ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියට යා යුතුය. වැදගත්ම දේ ඉදිරියට යාමය. එසේ නම් අදෛර්‍ය්මත් නොවී විස්වාසයෙන් යුතුව පටු දේශපාලන අරමුණු වලට කොටු නොවී සටන තුල රැදී සිරිමු. ජය!





Saturday, January 6, 2018

වෙනසක ඇරඹුම -03 කොටස


මගහැරුනු අයට.. පලමු කොටස මෙතනින්.
                                  දෙවන කොටස මෙතනින්.

එදා හොස්ටල් ආවට පස්සෙ අපි ඉතිං කතා වුනේ "බැනුම් ඇහුවත් මොකෝ අර වගේ අක්ක කෙනෙක්ගෙන්" කියල.. දැන් ඉතිං සෙට් එක ලෙක්චර් යනව දවල්ට කන්න කැන්ටිමට යනව. ලුණු ඇඹුල් මිශ්‍ර තෙලකුත් කනව. ආයෙ එනව. ලෙක්චර් ඉවර වෙලා හොස්ටල් යනව. එදා දවසෙ රැග ගැන කතා කර කර හිනා වෙනව. ඕක තමයි උනෙ. දැන් උබල අහවි බැනුම් අහන්න මොකටද කැන්ටින් යන්නෙ කියල. ඒක වෙනම ආතල් එකක්. අපි ඉතිං උඩ පැනගෙන ගියාට සහෝදරියො ටික ඕවට වැඩි කැමැත්තක් නෑනෙ. මතක් කරන්න ඕන දෙයක් තියෙනව. අපේ කෙල්ලෙක්ට මන් දවසක් "උඹ" කියල කතා කරාම එයා මට කිව්ව "උඹ" කියල කතා කරන්න එපා ඒකට කැමති නෑ කියල. හැබැයි ඉතිං එයා තමයි සෙට් එකේ මුලින්ම ට්‍රැක් එකට වැටුනෙ. කොහොම හරි අපි ඉතිං හෙන පොරවල් වගේ ඒ දවස් වල කෙල්ලො ටිකට බැජ් ෆිට් ගැන කියනව. හරියට අපි උන්ව හදුව වගේ පුංචි පුංචි අඩුපාඩු වලට බැන්නෙ. ඒත් ඇත්තටම අපි පුංචි හරි වචනයක් හරි කිව්වනම් ඒ බැජ් එකට, උන්ට ආදරේට මිසක් කිසිම තරහකින් නෙමෙයි. ඒ නිසා අදටත් පසුතැවීමක් නෑ. ෆැකල්ටි එකේ ඩිපාට්මන්ට් පහක් තිබුණ. අපි බැජ් එකක් කිව්වෙ ඔය ඩිපාට්මන්ට් පහේම එකතුවට. අයියල අක්කල හැමදාම කිව්වෙත් ඒක. කොහොම හරි බැජ් ෆිට් හදන්න ඩිපාට්මන්ට් පහේ උන් එකට ගන්න ඒ දවස් වල මාර උන. රැයක් දවාලක් නැතුව ඒකට සැලසුම් කරා. එකපා‍රක් රෑම ප්ලෑන් කරල කෙල්ලො එක්ක ඇවිදින්න දාගෙන "ඔක්කොම හොදට කරල අන්තිමේ හානව" කියන්න වගේ ෆොටෝ එකක් ෆේස් බුක් දාල. පහුවදා හොදට අහගත්ත." තොපි බැජ් ෆිට් හදන්නෙ ඩිපාර්ට්මන්ට් එකේ උන් විතරක් එලියට එක්කන් ගිහින්ද යකෝ? අනිත් උන් සහෝදරයො නෙමෙයිද?" මීට වඩා විනීත විදිහට ප්‍රශ්න වැල‍යි. හම්මේ ඉතිං සැප කනේ..




අපිව කැම්පස් එකේ ඔරියන්ටේශන් වලට ගත්තු මුල් සති දෙකේ ෆැකල්ටි වල අය කවලමේ තමයි හිටියෙ. ඒ නිසා අනිත් ෆැකල්ටි වල අයත් අදුරනව. කොහොම හරි ඔය කාලෙදි ඇග්‍රි ෆැකල්ටි එකේ කොල්ලෙක්ගෙ තාත්ත නැති වෙලා මල ගෙයක්. ලග පාත නෙමෙයි පොළොන්නරුවෙ අරලගන්විල. සති අන්ත දවසක් නිසා වැඩිය හොස්ටල් එකේ කට්ටිය හිටියෙත් නෑ. ඒත් හිටපු අය යමු කියල කතා වුනා. ඇග්‍රි එකේ උන් බස් එකක් යනව කියල ඒකට සෙට් වෙන්න බලන් කට්ටිය හිටියට බස් එකේ ඉඩ නැති වෙලා කට්ටියට යන්න බැරි වුණා. දැන් ඉතිං එක පැත්තකින් නෝණ්ඩියි අනික ටිකක් තරහයි උන් අපිව එක්කන් ගියේ නෑ කියල. පැරදිච්ච හිතත් අතින් අරන් හොස්ටල් එද්දි එකෙක් ආතල් එකට කියල "මචන් අපි පාරෙ බස් එකේ යමුද" කියල. වෙලාව රෑ 8යි කියල ගානකුත් නෑ අපිත් ඉතිං මොරාල් එකට "හරි යමන් අරුන්ට පේන්නත් එක්ක" කියල දෙපාරක් නොහිතම යෝජනාව අනුමත කරා. හොස්ටල් ගිහින් කට්ටියට විස්ත‍රේ කිව්ව. එතන හෙන භීශනේ.. සෙට් එකක් කියනව රෑ වෙලාලු පාරෙ අලි ඉන්නවලු. උන් ඒ ඩින්ගට ගෙදරටත් කියල. මොකක් හරි හේතුවකට බැජ් එක වෙනුවෙන් කියල එක එක කතන්දර කියල කොල්ලො 8ක් ගමනට සෙට් උනා. පඹහින්නෙන් බස් එකට නැග්ගෙ ෆුල් මොරාල් පිට. බදුල්ලෙන් බස් එක තිබුනෙ 11ට. සැප දෙනකොට පිලිවෙලට දෙනව කියන්න වගේ ඒ බස් එක බුක් කරල යන එකක් සීට් එකක්වත් නෑ. පැය 6ක් හිටගෙන යන්න වෙන්නෙ. කොල්ලොන්ගෙ මූනවල් ටික පුම්බපු බැලුවමක් හුලන් යනකොට වගේ.. මතක් වෙනකොටත් හිනා. එකෙක් අඩපු නැති එක විතරයි "අනේ මචන් මන් ආපහු යන්නන්" කියල. අන්තිමට ඌ අපිට රු.1000කුත් දෙන්න හැදුව අපිට යන්නත් ඌ ආයෙ හොස්ටල් යන්නත් එකගතාවයට. අපිත් ඇරියෙ නෑ කොහොම හරි ඌව තියාගත්ත ආව නම් යමු කියල. පැය 6ක් හිටගෙන ඇවිත් පාන්දර 5.30ට විතර දිඹුලාගල හන්දියෙන් බැස්ස කියමුකො. ඩයල් ටික වගේ ආවට සල්ලි දීල යන්න ආපු එකා අතේ විතරයි සල්ලි තිබිල තිබුනෙ. ඒකත් බස් ටිකට් වලටයි මගට කන්නයි වියදම් උනහම ආප්ප දෙකකට වඩා කන්න එකෙක් ගාවවත් සල්ලි නෑ. මතක විදිහට ආප්ප දෙකත් කාල එලිය වැටුනට පස්සෙ කඩෙන් අහගෙන අපි බැංකුවක් හොයාගෙන ගිහින් සල්ලි ගත්ත. තවත් කි.මී. 5ක් විතර ඇවිදල යෝජානාව දාපු එකාගෙ ගුණ වර්ණනා කර කර අපි මල ගෙදරට ගියා. කොහොම හරි කට්ටිය ඇත්තටම හොල්මන්. අපිට හෙන සැලකිලි. අනේ ඉතිං ඇග්‍රි එකේ අපේම සහෝදරියො දකිද්දි සහෝදර කමට වෙන්න ඇති මහන්සි කොහෙන් ගියාද දන්නෑ. ඒ දවස් වල ඔය කෙල්ලො ටික ෆැකල්ටි එකට යන්නෙත් අපේ හොස්ටල් එක ඉස්සරහින්. ඉතිං අපිටත් පොඩි අයිතියක් තියෙනවනෙ.. අපි ඉතිං කාටවත් හිරිහැරයක් කරන්නැති අහිංසක කොල්ලොනෙ. හිතට උනත් හිර වෙලා ඉන්න කියල බල කරේ නෑ ඔහේ නිදහසේ සැරි සරන්න නිදහස දීල තිබුනෙ. ඌ ඉතිං කෙල්ලො පස්සෙම ගියාට අපි පලි නෑනෙ. කොහොම හරි එදා දවසෙ ඒ කියපු සහෝදරියක් එක්කත් පොඩි කතාවක් දාගත්ත. වැරදියට හිතන්න එපා හරියටම කිව්වොත් පරාජිත ප්‍රේමයකට පලවෙනි අඩිතාලම.. අන්තිමට අපි අයෙ හොස්ටල් ආවෙ ඇග්‍රි එකේ අයියල ආපු බස් එකේ. අපි ගැන නොදන්න හින්ද ඒ අක්කල කිව්ව අපිව එයාලගෙ ෆැකල්ටි එකට අරන් ඇග්‍රි එකෙන් කොල්ලො ටිකක් ඇප්ලයිඩ් එකට දෙමු කියල. කොහොම හරි හොද කට්ටකුත් කාලා රසවත් මතක ටිකක් එක්ක ඒ චාරිකාවත් සාර්ථකව නිමා කරා.

ඔය කාලෙම අපේ සහොදරියක්ගෙ අයියගෙ විවාහ උත්සවයකටත් ආරධනා කරා. කට්ටිය ගිහින් හොදට කලා බීලා සින්දු කියල ආයෙ මනමාළය එක්කත් බීල කබරයත් දාලා හාගෙන කොල්ලොන්ට බොන එකත් එපා කරල අතිමට ගෙදරම රෑ නැවතිල සුද්ද සිංහල කියව කියව රෑ එලිවෙනකන් ඉදල උදේ පාන්දර ඇවිත් බස් තුනක හතරක නැගල හොස්ටල් ගියා. අර මන් කලින් කිව්ව අපේ ආතල් ඩයල් එක.. ඌ පාරෙ යන බස් නතර කරල අපිව කැම්පස් එකගාවට දාන්න ගනන් කතා කරනව. අපිට මැරෙන්න හිනා. තාමත් අපේ උන කොහෙ හරි යන්න සෙට් උනහම අරූට කියනව "මචන් බස් එකක් කතා කරමුද? "කියල.

හිරි කට්ටෙ නාපු හැටියි තව ආතල් ටිකකුයි ඊලගට... මතු සම්බන්දයි.