Thursday, December 14, 2023

බදු සහ හෙට

 විවිධ මාත්ෘකා කරලියට ගෙන ඒමට මාද්‍ය සමත් වුවත් වතුරේ ගිල්වු රබර් බෝලයක්, ගිල්ලවීමට යොදන පීඩනය අවසන් වූ සැනින් නැවත උඩට මතුවන්නා සේම ආර්ථික අර්බුදයද නැවත කරලියට පැමිණ තිබේ. තවදුරටත් මෙය විහිලුවක් නොවේ. තම දරුවාට පොත් පත් පමනක් නොව අසනීපයකදී බෙහෙත් අරන් දීමට නොහැකි වන විට දෙමාපියන්ගේ මානසික මට්ටම ගැන අපට අර්ථකතන දිය නොහැක. තව දුරටත් ක්‍රිකට් හෝ වෙනත් මාත්ෘකා මෙම අර්බුදය යටපත් කිරීමට සමත් නොවේ.


ඉතිහාසයේ මජරම බදු පනත දූෂිත පාර්ලිමේන්තුව තුල සම්මත විය. ඒ අනුව ජනවාරියේ සිට, මේ තාක් යන්තමින් හෝ දිවිගැටගහගත් සියල්ලගේම අවසන් දරාගැනීමේ කාලසීමාව ආරම්භ වනු ඇත. කිසිදු නිෂ්පාදන සැලැස්මක් නොමැති ඇමරිකන් සහ ඉන්දියානු අධිරාජ්‍ය ගැත්තෙකු ලෙස ක්‍රියාකරන ජනපතිගේ මුග්ද ක්‍රියාකලාපය ප්‍රජාතන්ත්‍රවාදයට යටත්ව කොතෙක් ජනතාව ඉවසාවිදෝ යන ගැටලුව අප ඉදිරියේ ඇත. 


නමුත් මේ තීරණාත්මක කාල සමයකි. පීඩනය පුපුරා යෑම පාලකයාගේ වාසියට හරවා ගැනීමට ඔවුන් උපරිමයෙන් උත්සහා කරනු ඇත. 88/89 දී සිදු කල වරද නැවත නොකල යුතුය. තරුණයන් ලෙස ආර්ථිකයේ නවමං සොයා යනවා සේම මේ මජර පාලකයන් පන්නා ජනතාවාදී පාලනයක් ඇතිකරගන්නේ කෙසේද යන්නද සිතා බැලිය යුතුය. දැනටත් තරුණ සිත් තුල වැඩිපුරම සොයනු ලබන්නේ ආර්ථිකය ජය ගැනීමට රටින් එතෙරවන මගයි. සියල්ලට විසඳුම ඇත්තේ අදූෂිත පාලනයක් සහ එමගින් සිදුකරන නිශ්පාදන වැඩපිලිවෙල තුලය. 


තවදුරටත් අපි හම්බකල පමණින් අපිට කෑමට නොහැක. දේශපාලය දොරට තට්ටුකිර්‍රිමෙන් තොරවම ගෙදර පාලනය කරමින් ඇත. විකල්ප නොමැත. අවබෝදයෙන් දේශපාලනයට දායක විය යුතුව ඇත.