විල්පත්තු , මීතොටමුල්ල, උමාඔය විනාශය සහ රටේ අනාගතය...
මෑත කාලයේදී ශ්‍රී ලංකාවට ස්වභාවිකව විපත් වලින් නම් අඩුවක් නොතිබුණි. ඊට අමතරව ස්වභාවික නොවන මීතොටමුල්ල සිද්ධිය වැනි ආපදාවන්ද අහිංසක ජනතාවට ජීවිත අහිමි කරමින් ජන ජීවිතය අඩාල කිරීමට සමත් විය. මේවා වළක්වා ගත නොහැකිද? මෙය ඉතා ඉක්මනින් පිළිතුරු සෙවිය යුතු පැනයකි.
විල්පත්තු
අර්ද ශුෂ්ක කලාප වලට දැඩිව බලපාන නියගය ඇති වීමට බලපාන ප්‍රදානම හේතුව වන විනාශය බව අමුතුවෙන් කිවයුතු නැත. වන විනාශය ගැන කතා කිරීමේදී පලමුවෙන් සිහියට නැගෙන විල්පත්තු වන විනාශය ගැන මොහොතකට අවදානය යොමු කරමු. විල්පත්තු ජාතික වන උද්‍යානයට උතුරුන් , කල් ආරු වනාන්තරය නැතහොත්
මරිච්චුක්කඩ්ඩෙයි-කර්ඩික්කුලි වන රක්ශිතයේ අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් නීති විරෝදී ලෙස 2010 වසරේ සිට එලිපෙහෙලි කරමින් ඉඩම් අත්පත් කරගනිමින් සිටී. රිෂාඩ් බදුයිදීන් අමාත්‍යවරයා මෙහිදී ප්‍රදාන කර්යබාරයක් සිදුකරයි. එහිදී පලමුව අදාල අමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට හා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාටදැඩි බලපෑම් එල්ලකර වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වනරජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීති උල්ලංඝනය කරමින් වෙන්කර ගැනුනි.ඉන්පසුව එම භූමිය දිස්ත්‍රික් ලේකම්වරයා හරහා අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරන මුවාවෙන් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ඉඩම් ජනතාවට බෙදා දෙන ලදී.
බලධාරීන්ද නිසොල්මන්ය.මන්ද පාලකයන්ට ඉහලින් යා නොහැකි නිසාය. දේශපාලකයන්ට අවශ්‍ය රටට කුමන විනාශයක් සිදු වුවත් තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමටය. අනිත් වැදගත්ම කාරණය වන්නේ මේ සඳහා ජාත්‍යන්තර ආධාර ලැබී ඇතිි බවය. නියගය වැනි විපත් නතර කිරීමට නම් මෙවැනි වන විනාශය නතර කරනවා පමණක් නොව නව රුක් රෝපණ වැඩ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ අදහසයි.
උමාඔය ව්‍යාපෘතිය
පරිසර තත්ත්ව වාර්තා සැලකිල්ලට නොගෙන ඉදිකිරීම් සිදු සිදුකරීමෙන් සිදුවන විනාශයන් පිළිබඳව සැලකිලිමත් වීමේදී උමාඔය ව්‍යාපෘතියට අදාල පරිස්ර සංහාරය කතා කළ යුතුම කාරණයකි. එය මේ වනවිට බදුල්ල , බන්ඩාරවෙල ජනතාව අන්ත අසරණ භාවයට පත්කර ඇත. පොළොව ඉරිතලා, ගෙවල් ගිලා බසිමින්, ළිං සිඳී යමින් තවදුරටත් එම ප්‍රදේශවල ජීවත් වීමට නුසුදුසු තත්වයක් ඇති වෙමින් පවතී. පරිසර තත්ත්ව වාර්තාවක් නිවැරදි ආකාරයට නොගෙන ප්‍රමිතියකින් තොරව සිදුකළ මෙම ව්‍යාපෘතිය පිළිබද කාලයක සිට පරිසරවේදී සහ දේශපාලන ක්‍රියාකාරීන් විරෝධය පළ කළත් බලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වූයේ නැත. අප ඇතුලු විශ්ව විද්‍යාලය සිසුන් පවා කරුණු සොයා බැලීමට එම ප්‍රදේශ වලට ගිය අවස්ථාවලදී පවා ජේවීපී කාරයන් යැයි හංවඩු ගසමින් දෝෂාරෝපණය කළ ද අවසානයේ ඔවුන්ටද පරිසරය සංහාරයට එරෙහිව සටන් කිරීම හැර වෙන මගක් නොවිය.
නමුත් දැන් ඔවුන් ද ප්‍රමාද වැඩිය. මෙම ව්‍යාපෘතිය සිදු කරනුයේ ඉරාන සමාගම්ක් විසිනි. නිල නොලත් ආරංචි මාර්ග අනුව රාවණා රජුගේ පුරාවෘත්ත පිළිබඳව උනන්දුවක් දක්වන මෙම කණ්ඩායම උමගේ කැණීම් මාර්ගය ආරක්ෂක ගමන් මාර්ගයෙන් තොරව රාවණා රජු වාසය කළා යැයි සඳහන් ස්ථාන හරහා රැගෙන යන්නට උත්සාහ කළ බවද දැනගන්නට ලැබේ. අවසානයේ නිවැරදි පරිසර තත්ත්ව වාර්තා සලකා නොබැලීම සහ වගකීම් රහිත පාලකයින්ගේ ක්‍රියාකලාපය නිසා විශාල පරිසර හානියක් සිදුවී තිබේ.
මීතොටමුල්ල කුණු කන්ද
ජීවිත රැසක් බිළිගත් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම ස්වභාවික විපතක් නොවේ. කුණු කන්ද පිලිබඳවත් එය නාය යෑමට ප්‍රථම බලධාරීන් දැනුවත් කළ ද, ඊට එරෙහිව සටන් කළ ද මර්දනය හැර පිළිතුරක් නොවීය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මෙම ප්‍රශ්නයට තවමත් පාලකයන් විසදුම් ලබා දී නොමැත.
ධනේෂ්වර පාලකයන්ට මේ සඳහා විසදුම් ලබාදීමට නොහැකි බවත් අපි දනිමු, එදා කිලෝ ගණනින් නිවසට රැගෙන ගියදෑ අද රැගෙන යන්නේ කුඩා ශැශේ පැකට් ලෙසයි.ඒ මෙම ධනේශ්වර ආර්ථිකය මගින් ජනතාවගේ ක්‍රයශක්තිය එසේත් නොමැතිනම් මිලදී ගැනීමේ හැකියාව අඩු කර ඇති නිසාය. පොලිතීන් භාවිතය වැඩීඩීමට එය ප්‍රධාන හේතුවකි අනෙක් කාරණය ක්‍රමවත් නගර සැලැස්මක් නොමැති වීමයි. ධනේශ්වර පාලකයන් පරිස්ර හිතකාමී නොවේ. ඔවුන් සිහි විකල් වූ සුනඛයන් මෙන් මුදල් පසුපස හඹා යෑම නිසා ඔුන්ට පරිසර හිතකාමී ක්‍රමවත් නගර සැලසුම් අවශ්‍ය නැත. කොළඹ නගරයට කිසි ලෙසකින්වත් දැරිය නො නොහැකි ජනතාවක් දිනපතා කොළඹ නගරයට ඇදී රට පුරා විහිදුනු සංවර්ධන සැලැස්මක් භාවිතා කරන්නේ නම් මේ තත්ත්වය උදා නොවේ. රටපුරා ප්‍රදේශ ගණනාවකින් රැගෙන එන කුණු වල බර අවසානයේදී කොළඹ නගරයට දැරීමට සිදුවේ. මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නම් අනිවාර්යෙන්ම කොළඹ නගරය කේන්ද්‍ර කරගත් සංවර්දන සැලසුමක් වෙනුවට ලංකාව පුරා විහිදුනු සංවර්දන සැලැස්මක් ක්‍රියාත්මක කල යුතුය.
බෑවුම් ප්‍රදේශවල සිදුකරන වන විනාශය නිසා සිදුවන නායයෑම් තවත් ඛේදනීය තත්වයකි.රට මැදට වන්නට නැතිනම් මධ්‍යම කන්ද කඳුකරය දෙසට වන්නට ඇති බෑවුම් ප්‍රදේශවල වගා කටයුතු සහ වෙනත් කටයුතු සඳහා සීග්‍රයෙන් වන විනාශය සිදුවෙමින් පවතී. මේ නිසා නාය යාමේ අවදානම දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී. මිනිසාගේ අදුරුදර්ශී ක්‍රියා පිළිවෙත නිසා ඉදිරියේදී බරපතල අවදානමක් ඇතිවන බව මෑත කාලයේ දී සිදු වූ නායයෑම්වලින් අපට අවවබෝධ කරගත හැක.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මොණරාගල දිස්ත්‍රික්කයෙ අක්කර 460ක් බහුජාතික සමාගමක් වන ඩෝල් සමාගමට කෙසෙල් වගා කිරීම් සඳහා ලබා දීම. දයා ගමගේ විසින් සිදුකරන පානම ඉඩම් කොල්ලය, යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර දහසක් චීනයට ලබා දීම, වරාය නගර ව්‍යාපෘතිය හරහා සිදුවන පරිසර හානිය වැනි තවත් පරිසර විනාශ රැසක් පිළිබඳ තොරතුරු පළ කළ යුතු වුවත් ලිපිය දීර්ඝ වන නිසා මෙයින් නවතිමි .
----පරිසරවේදී සජීව චාමිකර සහෝදරයාගේ තොරතුරු ඇසුරෙන්....
කාලීන මාතෘකාවක් ඉසුරු සහෝ ! ප්‍රශ්නේ තියෙන්නේ තිරසර සංවර්ධනය කියන එකේ තේරුමවත් දන්නැති පාලන ක්‍රමයක් අපිට තියෙන්නේ. අන්නේකයි ! ගහක වටිනාකම අපෙන් පස්සේ පරම්පරාවට කියලා දෙන්න අපිට බැරි වුනොත්, ලංකාවත් කාන්තාරයක් වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
ReplyDeleteඋත්සාහයට සන්තෝෂයි... දිගටම උත්සාහ කරමු. හැදෙන උන් හැදෙයි. ජය !!!
//දිගටම උත්සාහ කරමු. හැදෙන උන් හැදෙයි.. ඔව් බන්..
Delete