Thursday, October 5, 2017

Awasarai...

                         "අදුර තුළ එලිය විහිදන්නට" කණාමැදිරියාටත්  අවසරයි..

            ප්‍රාථමික අද්‍යාපනය ලබා ගත්තු ගා/ ඇළකාක ම.විද්‍යාලයෙන් අද්‍යාපනය(විෂය දැනුම) ලැබිය යුතුය යන ඉලක්කයත් එතැන් සිට උ.පෙ දක්වා අද්‍යාපනය ලැබූ අම්බලංගොඩ ශ්‍රී දේවානන්දයෙන් විශය දැනුමට අමතරව සමාජ දැනුමත් යම් තරමකට ලබාගෙන සබරගමුව වි.විද්‍යාලයට ඇතුලත් උනේ ලොකු ඉලක්ක හිතේ තියාගෙන නෙමෙයි.

            ඒත් සරසවි ජීවිතය සම්පූර්ණයෙන්ම මා වෙනස් පුද්ගලයෙකු බවට පත් කලා කිව්වොත් නිවැරදියි. නිදහස් අද්‍යාපනයට වගකියන පුද්ගලයෙකු වන්නටත් එය ආරක්ශා කරන්නටත් සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමටත් සබරගමු මෑණියන් මා පෙලබවීය.(දැනට නම් කරල තියෙන්නෙ බොහොම පුංචි දේවල්). දැනට පවතින සමාජ වික්ෘතිය වටහා ගනිමින් එය වෙනස් කරන්නට යම් හෝ පිටුවහලක් වන්නට විවේචනාත්මක ලිපි පෙලකින් ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙමි.

           

අවසාන වශයෙන් මගේම බ්ලොග් අඩවියක් පටන් ගන්නට මට උපදෙස් දුන් චතුරංගවත්  සහෝදරත්වයෙන් මතක් කරමින් දැනට නවතිනව.. ජය!

2 comments:

  1. සුභ පැතුම් ඉසුරු සහෝ ! ගමන දුරයි... සැලෙන්නෙපා. පටන් ගත්තනේ ! දැන් ඇදගෙන යමු.

    (මම වගේ මග හැලෙන්න එපා හරිය.)

    ජයෙන් ජයම වේවා. කණාමැදිරි එළි දස දහස් ගණනින් බෝවේවා. ගණඳුරු පහවේවා !!!

    ReplyDelete