පාන්දර හිරු මුදුන් වෙමින් පැවතුනි. උදෑසන හිරු එලියත් සමග ආදර කඳු පංතිය සබරගමු සරසවියේ සුන්ඳරත්වයේ එක් සුවිශේෂි අංගයකි. ජයසූරිය නේවාසිකාගරය තුල දැඩි උද්‍යෝගයකින් යුතු කලබල ගතියකි. මෙලෝ රහක් නැති ලෙක්චර් වලට උදේ නැගිටීම එපා කරපු වැඩක් උනත් අද කොල්ලො ටික හෙන ගැම්මෙන්ම ලෑස්ති වෙයි. ඒ අන් කවරක් නිසාවත් නොව තම කණිෂ්ඨ කන්ඩායම සබරගමුවට ලියාපදිංචි වීමට පැමිණෙන නිසාය. ඔවුන් දින ගණනාවක් තිස්සේ බලා සිටියේ මේ වන තෙක්ය. කෙතරම් සුන්දර පරිසර පද්ධතියකට උරුමකම් කීවද එතෙක් ගතකල කාලය ඒ වන විට ප්‍රථම වසර ගෙවමින් තිබු කන්ඩායමට නම් එතරම් සුන්ඳර එකක් නොවීය. ඔවුන් දේශන වලට යයි නැවත පැමිනෙයි. පාසැල් කාලයේ මැවූ සුන්දර සරසවිය එහි තිබුනේ නැත. කලා උලෙළවල් නැත සාමූහික උත්සව නැත ක්‍රීඩා ක්‍රියාකාරකම් නැත. කොටින්ම සරසවි භූමියේ පස් දෙනෙකුට වැඩියෙන් එකට එකතුවිය නොහැකි වන සේ තහනම් කර තිබුනි. තම කන්ඩායමේ සගයන් නොවන්නට සරසවිය අපායක්ම වී තිබුණි. ජේෂ්ඨයන් පිලිබඳ ගෞරවයක් තිබුනද ආතල් ගන්නට බලා සිටින කොල්ලන්ට කෙල්ලන්ට ඔවුන්ගේ ආරක්ෂාව පමණක් ප්‍රමාණවත් නොවුනි. නමුත් එම දිනය සියල්ල කනපිට හරවන දිනයක් විය.
දහසකුත් බලාපොරොත්තු සහිතව කොල්ලො කෙල්ලො ටික කණිෂ්ඨයන් පිලිගැනීමට සූදානමින් සිටී.තනිකඩ කොල්ලන් කිහිප දෙනෙකුටම අලුත් නැවෙන් කොක්කක් ගොඩදාගැනීමේ ආසාවත් නොතිබුනාමත් නෙමෙයි. නමුත් උන් හැම එකාම ඊට වඩා තම කණිෂ්ඨ කණ්ඩායම පරිස්සම් කිරීම සහ ඔවුන් විශ්ව විද්‍යාල උප සංස්කෘතියට අනුගත කිරීම තම වගකීමක් කොට සැලකීය. එය ඔවුන්ට ලැබුනේ ඔවුන්ගේ ජේෂ්ඨයන්ගෙනි.කොල්ලො ටික ලහි ලහියේම කෙල්ලනුත් එක්කගෙන ප්‍රදාන පිවිසුම සහ පඹහින්න හංඳිය දෙසට යන්නට විය. ප්‍රථම වසරට ඇතුලත් වීමට පැමිණෙන සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ කටයුතු පහසු කරගැනීමට උදවු කිරීම සහ පමිණෙන ප්‍රමාණය ඇතුලු විස්තර ලබාගැනීම ඔවුන්ගේ අරමුණ විය.
මදුර: මචන් රුසිරු උඹ කවුරු එක්කද පඹහින්නට යන්නෙ? මාත් කවුරු හරි හොයා ගන්න ඕනෙ බන්...
රුසිරු: කෙල්ලො ටික කඩේට රිංගල බන්.. උන් ටික ඇදගෙන ඉක්මනට යමන්. ටැමිල් සෙට් එකක් දැනටම ඇවිත් බන්. උන්ට කඩේකින් මුකුත් ඉල්ලන්නවත් තේරෙන්නෙ නෑනෙ බන්. බලන්න වෙයි.
මදුර: අහ්හ්.. මචන් අර ඉන්නෙ නදීෂ්. ඌටත් ඉතිං කෑම කිව්වම ඔක්කොම අමතකයිනෙ. කෙල්ලොන්ට කන්න දෙන්නෙත් නෑ මන් හිතන්නෙ.
මොහොතකින් කෙල්ලො කොල්ලො ටික එකට එකතු වී පඹහින්න දෙසට ඇදෙන්නට විය. පඹහින්නෙ වැඩි වෙලා බලාසිටින්නට සිදු නොවූයේ කොළඹ සිට පැමිණි පලමු බස් රථයේම පලමු වසරට ඇතුලු වීමට යැයි අනුමාන කල හැකි සිසුන් කිහිපදෙනෙකුම සිය දෙමාපියන් සමග පැමිණි නිසාවෙනි. ඔවුන් සරසවිය දෙසට ඇදෙන්නට විය.
රුසිරු: අහ්හ් ඇන්ටි මල්ලි කැම්පස් රෙජිස්ටර් වෙන්න ඇති නේද?
මව : ඔව් පුතා. පුතා කැම්පස් එකේද?
රුසිරු : ඔව් ඇන්ටි. ඇන්ටිල කොහේ ඉඳන්ද එන්නෙ?
මව : අපි ගාල්ලෙ ඉඳන් පුතා.
රුසිරු : සෑහෙන්න දුර ඉඳන්නෙ. මල්ලි මොන ඩිග්‍රි එකටද රෙජිස්ටර් වෙන්නෙ?
මව : භෞතික විද්‍යාවට පුතේ..(ඇය වි.විද්‍යාලයෙන් ලැබුනු ලිපියද පෙන්වයි)
රුසිරු : ඔතනින් ඉස්සරහට ගියහම රෙජිස්ටර් වෙන තැන තියෙනව ඇන්ටි. අපි කොහොමත් මේ හරියෙ ඉන්නව. උවමනාවක් තියෙනව නම් අපේ කෙනෙක්ට කතා කරන්න. බැංකුව තියෙන්නෙ මෙතන උඩ. එතනට සල්ලි ගෙවල රිසිට් එකත් එක්ක ඔය ලියුම එයාලට දෙන්න.
සවස්වන තුරුම ලියාපදිංචි වීම සිදුවිය. කොල්ලො කෙල්ලො ටිකට කෑමට වත් වෙලාවක් නොවීය, කණිෂ්ඨයන් සමග ගැටෙන පලමු අවස්තාවද මෙය නිසා කට්ටිය බඩගිනි නොබලාම වැඩේට උපරිමය යෙදුවේය. තම කණ්ඩායමට වඩා විශාල ප්‍රමාණයක් පලමු දිනයේම පැමිණීම ඔවුන්ගේ සතුටට හේතුවිය. දෙවන දිනයත් එලෙසම නිමා විය. දැන් කොල්ලො කෙල්ලො ටික බලා සිටින්නේ මෙතෙක් ජුන්නන් වී සිටි නිසා තමන් සින්නෙක් වන තෙක්‍ය.
දේශන ශාලා හා නේවාසිකාගර අතර ගෙවෙන ඒකාකාරී දිවියට නැවතීම තිත තබන්නට වන්නේ නව කණ්ඩායමේ සරසවි ලියාපදිංචි වීමත් සමගය. නවක නම්‍යීකරණ වැඩපිලිවෙල සකස් කරන්නට සිදුවන්නේ දෙවන වසර කණ්ඩායමටය. නවක වදය පිටුදැක ඒ වෙනුවට සිසුන් එකතු වී පලමු වසර සිසුන්ට දැනුම සහ අත්දකීම් ලබාදෙන "නෑඹුල් සෙවන" වැඩපිලිවෙල පීඨ පහේම දෙවන වසර සිසුන් එකතු වී ජේෂ්ඨයින්ගේද උපදෙස් සහිතව සකසන්නට විය. සියල්ල පිටුපස ඒ වන විටත් නීතියෙන් තහනම් වී තිබුනු සබරගමු මහා ශිෂ්‍ය සංගමය යෝද සෙවනැල්ලක්ව සිටියේය.
නෑඹුල් සෙවන සකස් කිරීමට කෙතරම් වෙර දැරුවද එය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පරිපාලනයෙන් ඉඩ ලැබුනේ නැත. සුපුරුදු මර්දනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්ම වන්නට විය. නමුත් ඉතිහාසයේ සේම එදා සබරගමුවේ සිසුන්ද මර්දනය හමුවේ තව තවත් මුවහත් උනා මිස පසු බැසීමක් සිදු නොවීය. වසරකට වැඩි පන්ති තහනම් ලබා සිටින ශිෂ්‍ය නායකයන් පඹහින්න තුල රැඳී සිටිමින් සටන සංවිදානය කිරීම කිසිමොහොහතකදී නැති නොවන ජවයට හේතුවක් විය. නමුත් ඒ වන විට කණිෂ්ඨ කණ්ඩායම තුල කිහිප දෙනෙකුට හැර අන් අයට එම ශිෂ්‍ය නායකයින් මුණගැසී තිබුනේද නැත. නමුත් ඔවුන්ගේ සංවිදාන ශක්තියට ඒ කිසිවක් බාදාවක් නොවුනි.
සියල්ල එසේ තිබියදී තීරණාත්මක දිනය උදාවිය. නවක කණ්ඩායම අද්‍යන කටයුතු සඳහා සරසවියට පැමිණියේය... නමුත් බලාපොරොත්තු වූ පිරිස සරසවියට නොපැමිණෙන බව දත්ත සහ තොරතුරු මගින් කල් තියා දැනගත් නිසා පුරප්පාඩු යලි බඳවා ගන්නා ලෙස පරිපාලනයට බලපෑම් කිරීමට ශිෂ්‍යයන්ට සිදු විය. අවසානයේ තවත් සති කිහිපයකින් බෝට්ටු වට වලින් පසු සැලකිය යුතු සිසුන් පිරිසක් පලමු වසරට ඇතුලත් විය. දෙවන වසර සිසුන්ට අතිශය කාර්‍යබහුල කාලසමයක් ගෙවෙමින් තිබුනි.
රුසිරු: මචන් පණිවිඩයක් ආව පොඩි එකෙක්ට අසනීපයි කියල. පොඩ්ඩක් බලමුද?
නදීෂ් : යමන් එහෙනම්.
කනිෂ්ඨ කණ්ඩායමට ප්‍රශ්නයක් නම් නෑ, බෑ වචන ඔවුන් තුල තිබුනේම නැති තරම්ය.
"අයියෙ දොස්තර කිව්ව තැඹිලි බොන්න දෙන්න කියල. අපි හෙව්ව. හොයාගන්න බැරි වුනා." පොඩි උන්ට ඒ වෙද්දී තැඹිලි ගෙඩියක අවශ්‍යතාව ඇති බව දැනගත්තද රෑ වී තිබූ නිසාත් වර්ෂා කාලය නිසාත් ගස් බඩගෑමට හෝ නොහැකි බව දන්නා නිසා රුසිරු සහ නදීෂ් තරමක් අසරණ විය.
රුසිරු : යමන් ලලක්කගෙන් අහමු.
නදීෂ් : ඔවු අහල බලමු. බඩු තියෙනව. ඔය ගෑනි දේවිද දන්නෑ.
නමුත් ගමේ මිනිසුන් මෙතෙක් සෑම අවස්තාවකම උදව් කර තිබූ නිසා ඔවුන්ට යම් බලාපොරොත්තුවක්ද තිබුනි.
නදීෂ් : අක්කෙ පොඩි එකෙක්ට සනීප නෑ. දොස්තර තැඹිලි හොයන් එන්න කිව්ව. තැඹිලි ගෙඩියක් ගන්න නැති වෙයිද?
කෙතරම් වයස වුවද සියලු දෙනාම අක්කලා , අයියලාය..
අක්කා : මල්ලි ගහක් නම් පහල තියෙනව. වැස්ස නිසා පරිස්සමින්.
නදීෂ් : කමක් නෑ අක්කෙ ලොකු උදව්වක්..
අවසානයේ අතපය කඩා ගැනීමකින් තොරව තැඹිලි ගෙඩිය කඩා ගත්තද සෑහෙන තරම් සීරීම් තුවාල වලට නිදීෂ් ගොදුරු විය. ඒ මට්ටමින් බේරීමට හැකි වීම ගැන සතුටු වෙමින් දෙදෙනාම තැඹිලි ගෙඩිය පඹහින්න රෝහලට ගොස් බාර දුන්නේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කල විට ලැබෙන සතුටද බුක්ති විඳිමිනි.