11 වන කොටස මෙතනින්.
කොහොම හරි මුලින් හිතන් හිටියෙ වැරදි කරලත් නෑ කියපු නිසා සස්පෙන්ඩ් එක ගැලවේවි කියල. ඒත් ටික දවසකින් ආයෙ ලියුමක් එනව විනය පරීක්ෂණ කැඳවන තුරු පන්ති තහනම දික් කරනව කියල. ඔය කාලෙ ඉතිං ඔලුවෙ වෙන ප්‍රශ්න තිබුනෙම නෑ. අර ඇග්රි එකේ ගෑණු ළමය ගැනත් සෑහෙන සහෝදර ප්‍රේමයක් ඇතිවෙලා තිබුනෙ එදා කෝල් එකෙන් පස්සෙ. අපි ඉතිං සස්පෙන්ඩ් බෝඩිමේ ජීවිතයට ටික ටික පුරුදු වෙමින් හිටියෙ. සභාපති සහෝදරය සහ පරණ සස්පෙන්ඩ් සෙට් එක ඉන්න බෝඩිමත් තිබුනෙ ඒ ළඟමයි. දවසක් අපි යන කොට පාකන් අයියයි, හින්කට් අයියයි තිකා අයියයි... තිකා අයිය සෝයාමීට් හදනව. කොහොම හරි එදා සෝයාමීටුයි බතුයි. අපිට තියෙන ආතල් එයාලට නෑ. එතකොට තමයි තේරුනේ මේ මුල් කාලෙ හින්ද අපිට පුද සත්කාර තිබුනට කල් යද්දි ඒව නැති වෙනව කියල. පාකන් අයියල ඒ වෙද්දි සස්පෙන්ඩ් පීරියඩ් එක අවුරුද්දකට වැඩියි. කොහොම හරි වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කැප කිරීම් මන් එතනදි දැක්ක. පාකන් අයිය(සභාපති) එක විදිහක්, වෙඩි අයිය ඊට සම්පූර්ණ වෙනස්. කේටර් අයිය වෙනම ලියින් එකක්.. හින්කට් අයිය තිකා අයිය වෙනමම විදිහක්. කොහොම උනත් ඒ එකතුවට සමාන කරන්න සංවිදානයක් මන් මෙතෙක් දැකල නෑ.
දවසක් අපි හතර දෙනා නූඩ්ල්ස් හදන්න සෙට් වුනා. කඩේට ගිහින් නූඩ්ල්ස් , මස් එහෙමත් අරන් ඇවිත් දැන් බරටම වැඩ. බඩු ගේනකොටම පැරා අයිය(කලින් සභාපති) දැක්ක. අපි හිතන් හිටියෙ පාකන් අයියලට හොරෙන්ම හදල පස්සෙ බෝඩිමටම ගිහින් දෙන්න. ඒත් දැන් කට්ටිය දන්නව. නූඩ්ල්ස් ටික තැම්බුනාට පස්සෙ ලොකු හට්ටිය ලිපෙන් බාන්න හැදුව. හට්ටිය අනිත් පැත්තම ගැහුව. අපේ එකා යන්තන් පැනල බේරුනා. කොහොම හරි නූඩ්ල්ස් ටික බිම. අපිට වැඩේ අතෑරල දාන්නත් බෑ. කට්ටියම දන්නවනෙ මේක, ආයෙ ගියා කඩේට. නුඩ්ල්ස් ගෙනත් ආයෙ හැදුව. නූඩ්ල්ස් හදල ඉවර වෙනකොට සෑහෙන්න වෙලාවක් ගිහින්. කොහොම හරි නෝන්ඩි කර කර කට්ටිය රසට කෑව. අපේ සස්පෙන්ඩ් සෙට් එකේ සුපිරි කුකෙක් හිටියනෙ. ඌ කෑම හදනව කියන්නෙ හෝටලේකින් වගේ තමයි.
දේශපාලන දැනුමත් ටික ටික ගන්න ගමන් ලොකු හැල හොල්මනක් නැතුවම සස්පෙන්ඩ් ජීවිතේ ඉස්සරහට ගියා. ඔය අතරෙ අපේ සහෝදරියන්ගෙ හොස්ටල් එකක වහලයක් ගලවන් යන්න තරම් හුලඟකුත් ආව. වාසනාවට කාටවත් කරදරයක් නෑ. ඔතනටත් මාශෙලය ඇවිත් හොම්බ දාල තිබුන. කොහොම උනත් ඒ තිබුන තත්වෙ එක්ක අපේ උන් ඌව ගනන් ගෙන තිබුනෙ නෑ.
ටික දවසකින් විනය පරීක්ෂන කැඳවනව කියල ලියුමකුත් ආව. ඒක ඊලඟ ආතල් එක. හින්කට් අයිය විනය පරීක්ෂනයට මුහුන දීල එලියට ආව. "මල්ලි හිර වෙන්න ප්‍රශ්න අහනව. පරිස්සමින් උත්තර දීපන්". ඒක ටිකක් හිතන්න ඕන දෙයක් උනත් මට ඒ වෙද්දිත් පරිපාලනය තිත්ත වෙලා තිබුනෙ. කොහොම හරි මන් විනය පරීක්ෂණ කමිටුව ඉස්සරහට ගියා.
"ඇයි ඔයා මෙහෙම දෙයක් කරේ?"
"කොහොම දෙයක්ද සර්?"
"ඇයි ළමයින්ව රැග් කරේ?"
"මොන රැග් ද සර්? දැන් හැමෝම දන්නවනෙ රැග් කරේ නෑ කියල"
"නෑ නෑ අපි දන්නව ඔයා රැග් කරා කියල"
... ...
... ....
පැයකට වැඩි ප්‍රශ්න. උන් අපෙන් වැරැද්දක් කරාද අහනව නෙමෙයි. ඒ වෙද්දිත් වැරදි කාරයා කරල. ඒකෙන් එලියට එනකොට යූනියන් කරන්න ඕනෙ කියන හැඟීම තදින්ම ඔලුවට බැහැල තිබුනෙ. කොහොම හරි පොඩි පොඩි සිද්දි ඇරුණම ලොකු දේවල් ඒ කාලෙ උනේ නෑ. අපිත් එක්කම වගේ සස්පෙන්ඩ් වෙච්ච මැනේජ්මන්ට් සහෝදරවරු දෙන්න ඒ වෙද්දි ඇතුලට අරන් තිබුන.
කොහොම හරි මාස තුනක පංති තහනම ඉවර වෙලා අපිත් ඇතුලට ගියා. එතකොට විභාගය සඳහා නිවාඩු දීලා. කුප්පි ටික පටන් අරන්...
පලවෙනි කුප්පිය සහ තවත් විස්තර ඉස්සරහට...
මතු සම්බඳයි.